2017 අප්‍රේල් මාසයේ 14 වනසිකුරාදා පාන්දර 02 පසුවී විනාඩි 04 සුර්යා මිණ රාශියේ සිට තම උච්ච රාශියවූ මේෂ රාශියට පිවිස්සිමත් සමග සිංහල දෙමළ අලුත් අවුරද්ද උදාවේ.වසරක් ගෙවී වසරක් උදාවන මේ මොහොතේ ඔබේ ලග්නයට අනුව ඇතිව්යහැකි සුබ අසුබතාවයන් පළිබඳව සොයා බලමු.
මේෂ ලග්නය.
මේෂ ලග්නයෙන් උද්යෝගය හා එඩිතරකම පෙන්නුම් කරන බැවින් අලුත් දේවල් කිරීමටත් නව සොයාගැනීම් කිරීමටත් පෙළබේ. ස්වඋත් සාහය නිසා ජයගන්නා අවස්ථා ඇතිවේ. ධර්ම ත්‍රිකෝණය කුජ ගුරු රවී යන ග්‍රහයන්ට අයත් බැවින් මේ ග්රහයෙන්ගේ බලතාවය අනුව උසස් අධ්‍යාපනය ලැබීමේ භාග්‍ය හිමි කරගනී. ඊට හේතුව කරන කියන දෙයීන් ජය ගැනීමටත් දෙවැනියෙකු නොවීමට සිතන නිසාය. තරමක ආඩම්බර ගතියක් පවතින නිසා පාඩු ඇති කරගන්නා අවස්ථාද ඇත.
ආර්ථිකය :-
ඇසුරු කළ අයෙක් සමග හෝ සතුරෙකු සමග අවුලක් අමනාපකමක් ඇති වනු ඇත. ඇසුරු කල හිතවතෙකුගෙන් ඈත් වීමක් පෙන්වන අතර තැන්පත් ධනයටද හානි ගෙන දේ. කරගෙන ආ වැඩ කටයුතුවල ලාබ ප්‍රයෝජන අඩු වීමද, උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩු වීමද බොරු චෝදනාවලට ලක් වීමද නියමයි. ඔබගේ හොඳ නමට කැලල් ඇති වීමද, අතහැර දමා තිබුණ වැඩ කිරීම නිසා තමාට ලාබ ප්‍රයෝජනද, කලින් ඉගෙන ගත් දේ නිසා දැන් ප්‍රයෝජනද ගත හැකි කාලයකි. කලින් ඉගෙනගත් දෙයින් මුදල් ලාබද ලැබෙන්නට හැකි කාලයකි.
රැකියාව._
ධන ලාබ ලැබීමට ඉඩ ඇති නමුදු එම වාසනාව ක්ෂණිකවම නැතිවන සුළු බව කිව යුතුව ඇත.රැකියාවේ වෙනසක් ඇති වීමටද, රැකියාවේ උසස් තනතුරු ලැබීමටදලව්යාපාර ආදියෙන් ලාබ ලැබීමටද හේතුවේ. සතුරු බලවේග සහ ඊර්ෂ්‍යාකාරයන්ගේ බලපැම්වලට ලක්වන කාලයකි. නොතේරුම් කම හේතුවෙන් කරන කියන කටයුතු වලින් කරදර පාඩුද, සිත්තැවුල්ද ඇති කර ගන්නා වූ කාලයකි. ප්‍රයෝජනවත් නොවන දේවල් සඳහා වියහියදම් කිරීම සහ කාලය ගත කිරීම සිදුවන බැවින් එවැනි කටයුතු වලින් ඈත්ව කටයුතු කාලයකි.
ගෘහ ජීවිතය :-
මව් පිය වැඩිහිටි අය නිසා සිත් තැවුල් ඇති වීමද, හොඳ නමට කැලැල් ඇති වීමද වැඩිහිටියන් සහ ඥාතීන් සමග කරන කටයුතු වලින් නොතේරුම් කම නිසා පාඩු හා කරදරද , මෙම කාලය තුල සිදුවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතුව ඇත.
අධ්‍යාපනය :-
ශාස්ත්‍රීය දියුණුව ලැබීමද,අධ්‍යාපන ජය වර්ෂය අගදී ලබන්ටද හේතුයිග තම නම කිර්තිමත් විය හැකි කාලයකි. අධ්‍යාපනය සහ නිර්මාණ කුසලතා තුළින් ආදයම් ලැබීමද, ප්‍රයෝජනවත් ප්‍රේම බන්ධන ඇති වීමද මෙම කාලය තුල සිදු වීමට හේතුයි.
සෞක්‍ය :-
යටිබඩ ආශ්රිත අමාරු ,උෂ්නදික රෝග ඇතිවීමේ ඉඩකඩක් ඇති නිසා උෂ්නාදික දික ආහාර වලින් වැලකි කටයතු කරන්න. ශරීර සනීපය අඩුකරවන කාලයකි.
ජය අංක 1.9.
වෘෂභ ලග්නය.
ලෙහෙසියෙන්ම තම ජීවිතය ගෙවන්නට සිතන , උත්සායෙන් යුතුව කටයුතු කරන්නට පෙලබෙන විනෝදයට, සැපයට ,අලංකාරයට කැමති අත්තෙකු වශයෙන් බොහෝවිට කටයුතු කරයි. වෘශභය තිර රාශියක් බැවින් වෙනස් නොවන ගති ස්වභාවයන් පවතී. කලබල නොවේ,තමනගත් තීරණයේම සිට ක්‍රියා කරන්නට පෙලබේ. අන්‍ය අය තමන්ගෙ මතයට නැබුරු කර ගන්නවා මිස අන් අයගේ මතයට හැරීමට කැමති නොවේ.
ආර්ථිකය :-
සෙනසුරු ග්‍රහයා ගෝචරයෙන් අටවැන්නේ ගමන්කරන නිසා අෂ්ටම එරාෂ්ටකයක් පවතින අතර නවතා දැමූ වැඩවල නැවත ආරම්භයද, නොයෙක් ව්යපෘතී තුලින් ලාභ ලැබීමද, ආදයම් තත්වය යහපත් වී ධන ලාබ ලැබීමද, , බලාපොරොත්තු හා අදහස් සඵල වීමද, දියුණුවට මග පෑදීමද, ආදර බන්ධන වලට යොමු වීමද, ,සතුරන් පරාජය වී තත්වය උසස් වීමද, ස්වකීය කටයුතු වල ආධාරයට හොඳ යහපත් පුද්ගලයන් ලැබීමද, , අනාගත අභිවෘද්ධියට මග සැලසෙන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක වීමද සිදුවනු ඇත.
රැකියාව:-
රැකියා ව්‍යාපාර කටයුතුවලට භාධා පැමිණිය හැකි අතර රැකියා කටයුතුවලින් පල ප්‍රයෝජනයක් ලබාගතහැකිවන්නේඅගෝස්තු සැප්තැම්බර මාස වලින් පසුවයි.බලාපොරොත්තුවන උසස්වීම් ආදිය ප්‍රමාදවීමට හෝ නොලැබීයාමට ඉඩ ඇති නිසා ඔබේ වචන බුද්ධිමත්ව පරිහරණය කරන්න. රැකියා සහ ව්‍යාපාර කටයුතුවල දියුණුව වර්ෂයේ මැද බගයෙන්පසු ඇතිවේ.
ගෘහ ජීවිතය :-
ඥාතී මිත්‍රාදීන්ගෙන් සහ උසස් අයගෙන් උදව් උපකාර ලැබෙන අතර ප්‍රීති උත්සව පැවැත්වීමටද, , කලක සිට පැවතුන කරදර වලින් නිදහස ලැබීමද, විනෝද ගමන් නිසා අධික වියදම්ද, අනුන්ගේ උදව් උපකාරද ලැබෙන කාලයකි.
අධ්‍යාපනය._
විභාග සහ තරඟ ආදියෙන් ජයද අධ්‍යාපනය යහපත් වී ඥාණය බුද්ධිය වැඩි වීමද, ප්‍රථමික අන්ශ්වල් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නත්ත් හේතුයි.එසේම උසස් අධ්‍යාපනයේ විවිධාකාර භාධක ඇතිවිය හැකියි.
සෞක්‍ය :-
ශනි අටවැන්නේ ගමන්කරන කාලය නිසා ශරීර පීඩා, හදිසි අසනීප, ලේ වල දෝෂ, අර්ශස් ආබාධ, මලපහ වීමේ දෝෂ ආදිය පැන නැගීමට ඉඩ ඇතග ඇසුරු කරන අයගෙන් මෙන්ම තම සහකරු හෝ සහකාරියගෙන් කරදර හෝ පීඩා ලැබෙන කාලයකි. ..ජය අංක 2,8 වේ.
මිතුන ලග්නය.
මිනිසුන්ගේ සිත් ඉක්මනින් දිනාගන්නෝ ද ස්ත්‍රී පක්ෂය වෙනුවෙන් තම කාලය හා මුදල් ද වැය කරන්නෝ වෙති. එනිසා ස්ත්‍රියක් නම්, පුරුෂයන් සමඟ ද පුරුෂයෙකු නම් ස්ත්‍රීන් සමඟ ද සම්බන්ධතා ගොඩ නගා ගැනීමෙහි දක්ෂයෝ වෙති. විශේහ්ස්යෙන් මිතුන ලගන හිමි පුරුෂයින් ස්ත්‍රීන් වසගයට ගැනීමට සමත් වන්නෝය.ඒ වෙනුවෙන් වියදම් ද කරන්නෝ ය. නමුත් පටන් ගත් දේ ටික දුරක් ගොස් නතර කිරීමට ද ඉඩ ඇත. ඕනෑම දෙයක් දුටු සැනින් ඉටු කිරීමේ හැකියාවක් පවතී.
ආර්ථිකය :-
මංමුලාවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුයි. ඔබගෙන් උදව් ලබාගත් අයෙකු හෝ ඔබ වෙත පැමිණුන අයෙක් නිසා කරදරයක්ද ඇති විය හැකියි. මව් පියන් වෙනුවෙන් යහපත සලසන අතර ගොඩනැගිලි වල වැඩ කටයුතු ආරම්භ කිරීමටද, වාහන ලාබ ඇති වීමටද ඉඩ ඇත. ණය ගනුදෙනු වලට පැටලැවීමද,
රැකියාව:-
2017 අගෝස්තුවලින් පසු වියදම් පාර්ශ්වය පිළිබඳව සැලකිලිමත් වියයුතුය.බුද්ධිමත්ව කටයුතුකිරිම තුල රැකියා මෙන්ම ව්‍යාපාර කටයුතු දියුනුකරගතහකියි. වියදම් පක්ෂය වැඩි වීමද සිදුවිය හැකි බැවින් බුද්ධිමත්ව සිටිය යුතු කාලයකි. සෙනසුරු හත්වැන්නේ ගමන් කරන මෙම කාල සීමාව තුලදී නිතර යෙදෙන ගමන් හේතුවෙන් වැඩ අතපසුවන කාලයකි. කරගෙන යන වැඩ කටයුතු කෙරෙහි බාධා හා ප්‍රමාද වීම් ඇති වීමට හේතුයි. ,රැකියාවට බාධාද ඇති වීමට හේතුයි.
ගෘහ ජීවිතය :-
හිතවතුන්ගෙන් මෙන්ම ඥාතීන්ගෙන් ආදරය කරුණාව උදව් උපකාර ලැබෙන්නාවූ, උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබන කාලයකි. මෙම කාලය තුල මිතුරන්ගෙන් උදව් උපකාරද, ප්‍රීතිමත් ගමන් බිමන්වල නිරත වීමද, නවතා දමා තිබු වැඩ නැවත ආරම්භකිරීමද කල හැකි කාලයකි.
රාහු පීඩා දායකව සිටියේ නම් ගමන් අනතුරුද, පවුලේ කෙනෙකුට තදබල අපල දායී තත්වයක්ද, ආදායම් අඩු වීමද, කරගෙන යන වැඩ කටයුතු අවුල් සහගතව කෙළවර වීමද, ඇසුරු කරන්නන්ගෙන් මෙන්ම ඥාතීන් හා අසල් වැසියන් නිසා සිත් තැවුල් මෙන්ම කරදර හා බාධා ආදිය ඇති වීමද සිදුවන කාලයකි.
අධ්‍යාපනය:-
අධ්‍යාපනය ලබන අයට අශුබ නොවන අතර දැනුම,බුද්ධිය හා උසස් අධ්‍යාපනයේ ප්‍රතිපල නෙලාගත හැකිය.ශාස්ත්‍රිය අංශවල දියුණුවක් ලැබිය හැකයි.
සෞක්‍ය :-
අජීර්ණ, වාතාබාධ, හිරිවාත සහ ලිංගික අබාධයන්ට ලක්විය හැකි කාලයකි. ස්වඋත්සාහය නිසා සතුරන් පරාජයවන, මුදල් ලාබ ලබන, සිතේ සතුට ඇතිකරවන්නා වූ යහපත් ශරීර සෞඛ්‍යය තත්වයකට යොමුවන කාලයකි. ජය අංක 3-4
කටක ලග්නය.
උසස් සිතිවිලි ඇති තීක්ෂණ බුද්දියකට හිමි ගවේශණයේ යෙදීමට කැමති වේ.යමක් දුටු දේ එසේම කරයි.උසස් අදහස් ඇත.අදහස් සඟවා තබාගෙන කටයතු කිරීමට කැමති නැත.ධනවත් වීමේ අදහස් ඇතත් ඉදිරිපත් වීම අතින් අඩුවක් තිබුනත් යමකට බැස ගත්තාට පසු එය අවසන් වන තෙක් සාර්ථකව ඉටු කිරීමේ හැකියාව පවතී.
ආර්ථිකය :-
සෙනසුරු හයවැන්නේ ගෝචර කරනමෙම කාළය තුල සතුරන් පරාජයද සුඛ විහරණයට උවමනා ගේ දොර ඉඩකඩම් හා යාන වාහන ලාභ වලටද හේතුයි. අනුමානයෙන් කරන කටයුතු වලින් පාඩුද ඇතිවන අතර කරගෙන යන කටයුතු වලට බාධා හා ප්‍රමාද වීම් ඇතිවීමට හේතුයි. අධික වියදම් පැමිණෙන කාලයකි. පැවති ණය බරින් නිදහස් වීමට හේතුයි.චෝදනා අපවාද පැමිණෙන කාලයක් බැවින් බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. පවුලේ කෙනෙකුගේ විවාහ උත්සවයක්ද පැවතිය හැකි ය. නිතර වාහන වලින් ගමන් යෙදීමටද, අහල පහල කථාවන්ට යොමු වීමද මෙම කාලය තුල සිදුවිය හැකිය. නොකල හැකි වැඩ නොකිරීමටද පමණට වැඩිය අනන්තය දක්වා වැඩ කටයුතු නොකිරීමටද වග බලා ගත යුතු කාලයකි.
රැකියාව:-
කරන කියන කටයුතු වලින් ගණුදෙණු ලාභද,ලබන කාලයකි. කරන කියන කටයුතු වලින් දියුණුවන අතර ආදායම වැඩි වීමද බඩු බාහිරාදිය රැස්කරගත හැකි වීමද සමාජයේ ප්‍රසිද්ධ වීමටද, නැතිවී ගිය වස්තු ආපසු ලැබීමටද හේතුයි. තමන්ගේ රැකියාව කපකිර්මෙන් යුක්තව ඉටුකිරීම අවශ්‍ය කාලයකි.
ගෘහ ජීවිතය:-
ශරීරයේ බර වැඩි වීමද, ලෙඩ රෝග පැවතුනේ නම් ඉන් සුවයද, විරුද්ධ ලිංගිකයන් සමග ඇසුරුකම් ඇති වීමද, දේපල දියුණුවද ඇතිවන කාලයකි. , රාහු දෙවැන්නේ ගමන්කරන් නිසා ධන ලාබ අහිමිවන මුදල් අතින් හිඟ පාඩු ඇතිවන්නට ඉඩ ඇති කාලයකි. අන්‍යයන්ට මුදල් ආදිය නොදිය යුතු කාලයකි. ණය දුන්නේ නම් ආපසු නොලැබීමට හේතු විය හැක. වියදම් පාර්ශවය වැඩිවන අතර අවුල් වියවුල් වලට මැදිවන්නා වු දුර දිග නොබලා කටයුතු කිරීමද, කට පරිස්සම් නොකිරීමද හේතුවෙන් වැඩකට නැති දේවල් උදෙසා අවුල් ඇති කරගන්නා කාලයකි. හිතවතෙකුට හෝ ඥාතියෙකුට තදබල අපල කාලයකි.
අධ්‍යාපනය:-
ප්‍රථමික අංශ වල අයට හැර අන් අයට අධ්‍යාපනයේ ජය ලබාගනීමේ ශක්තිය හිමියි.උසස් අධ්‍යාපනය ලබන අයට අනාගතය සුබපල උදාකරනු ඇත.
සෞක්‍ය :-
මෙම කාලය තුල තද කේන්ති යාමක් දැකිය හැකිවන අතර ශරීර සනීපය දුර්වල කරන අසනීප ඇත් නම් තද බල ලෙස ප්‍රතිකාරවලට යොමු විය යුතු කාලයකි. ඇස් ,යටිබඩ ආශ්රිත,වාත අමාරු අතිවියහැකියි..
ජය අංක.3-6
සිංහ ලග්නය
ආත්ම ශක්තියෙන් යුතුව ක්‍රියා කරන අන් අයට යටත් වීමට අකමැති තම අභිමතයේ රැදී සිටින්නන්ය. චිත්ත ධෛර්ය ඇති බැරෑරුම් කටුයුතුවල යෙදෙන සුළු වැඩට අකමැති ප්‍රධානත්වය උසුලන අන්තිම මොහොත දක්වා තීන්දු තීරණ වෙනස් නොකරන අය වේ. ක්‍රමානුකූලව කටුයුතු කරනන් වේ. ආඩම්බර ගති ඇති වරදක් කිරීමට අකමැති අන් අයගේ වරදක් වුවද දැකීමට කැමති නැති වේ.
ආර්ථිකය :-
ධන ලාබ ලැබීම ලවාසනාව මතුවන සෑම කටයුත්තකින්ම ජය හා ලාභද කොටින් කියතොත් මෙම වකවානුව තුල ධනය, බඩු භාණ්ඩ, ආදිය හිමිකර ගනිමින් ගෘහ ජීවිතයෙහි සැප විඳින පුත්‍ර ලාභ, අළුත් පදවි හා තනාන්තරද සතුරු පරාජයද, භෞතික අයීතීන් හා සම්පත් ලැබීමද, අධ්‍යාත්මික ශක්තිය දියුණුකර ගනිමින් අධ්යතේමික ගුණවගාව පුළුල් කර ගැනීමද, මුදල් ආයෝජනය කර දේපල ඉඩකඩම් හා යානවාහන ගැනීමටද සතුට හා සැපත රිසි සේ ලැබිය හැකි හොඳ කාලයක්ද වනු ඇත.
රැකියාව._
මෙම කාලය තුල ගරුනම්බු ලැබීමද, ඥාණය ප්‍රගුණ වීමද, ද,රැකියා තනතුරුවල උසස් වීම්ද ලැබෙන කාලයකි. සතුරු පරාජයද සිදුවන අතර සිතට ප්‍රීතීය සැනසුම ලැබෙන කාලයකි. සුදුසු වයස නම් විවාහය හෝ කම් සැපද රැකියා ලැබීමද, අහිමු වූ රැකියාවන් නැවත ලැබීමද, උරුම හිමිකම් සඳහා අයිතිවාසිකම් ලැබීමද හේතුයි.
ගෘහ ජීවිතය :-
උත්සව සඳහා ඇරයුම් ලබන උත්සව පවත්වන්නාවූ ද කාලයකි. මේ කාලය තුල කෑම බීම ආදියෙන් අඩුවක් නොලබන අතර හිතවත් මිතුරන් ඔබ සොයා එන කාලයකි. ඔවුන්ගේ උදව් උපකාරද හිමිවන අතර තරඟ විභාග ආදියෙන් ජයද කරන කියන , ශරීර සනීපයද, දරුවන් ලබන කාලයක් නම් දරු ලාභද, හිතවතුන්ගේ සිත් දිනා ගැනීමද, වැදගත් කථාවන් සඳහා යොමුවන කාලයක් වීමද, විවාහක නම් තම බිරිඳට හෝ ස්වාමියාට සැප හා ලාභ ලබන කාලයකි.
අධ්‍යාපනය._
අළුත් දේ ඉගෙනීමටද ඉඩකඩ ලැබෙන කාලයකි. ඉගෙනීමේ කටයතුවලට බාධාවක් නොවන අතර ,උසස් අධ්‍යාපනය ලබන අයට ශුබවේ ප්‍රථමික අධ්‍යාපනය බාධා ඇතිවුවත් දක්ෂතා වලින් ප්‍රයෝජන ගත හැකියි.
සෞක්‍ය :-
තදබල රෝග නොවුනත් පීනස් උෂ්නදිකකම්,හිසේ බරගති ඇතිවිය හැකියි.
ජය අංක.1-4
කන්‍යා ලග්නය.
යම් ප්‍රශ්නයක් විසඳීමේ දක්ෂ බුද්දියක් ,ඤනයක්,කථිකත්වයක් ඇතිවුවන්ය. අන් අය දක්වන අනුකම්පාව නිසා පාඩු ඇතිකර ගනී. අන් අයගේ හොඳ නරක දොස් ඉතා ඉක්මනින් දකින්නා වගේම අවබෝධ කරගනි. ඉක්මන් ගතිය වැඩි නිසා පාඩු ඇතිකර ගනී. කාර්ය කිරීමෙන් පසු නැවත හැරී බලයි. යමක් නැවත නැවත කියන්නා සේම විස්තර ඇතිව කතා කරයි .
ආර්ථිකය :-
මුදල් අත රැඳීම අඩුකරවන අතර සිත් තැවුල් ඇතිවන කාලයකි. දෛනික වැඩ කටයුතුවල පිලිවෙල අක්‍රමවත් වන අතර වෙහෙස ඇති ගමන් යාමටද, උසස් අයගෙන් උදව් ඉල්ලිමටද, එහෙත් ප්‍රමාණවත් ප්‍රතිචාර ඊට නොලැබීමද සිදුවනු ඇත. නෑයන් හිතවතුන් සමග අමනාපකම් හෝ ඔවුන් ගෙන් දෝෂාරෝපණ එල්ලවන කාලයකි. ඉඩකඩම් හා දේපල සම්බන්ධව දැඩි ආශාවක් සිත තුල උපදින කාලයකි. රාහු දොලොස්වැන්නේ ගමන් කරන කාලයනිසා ධන හානී ඇති කරවන සිත් තැවුල් ඇති කරවන කාලයකි. සතුරු කරදර හේතුවෙන් නිතරම බය හා සැක සහිතව ජීවත් වීමට සිදුවන කාලයකි.
රැකියාව._
මෙම කාලය තුල රැකියා කටයුතු වල උසස්වීම් හා තනතුරු උසස්වීම් බලා පොරොත්තු නොවිය යුතුය. රැකියාව සම්බන්ධව හෝ පදිංචි ස්ථානය සම්බන්ධව ස්ථාන මාරුවීම් ඇති විය හැකි කාලයකි. උසස් උදවිය හා ඇසුර තරමක් දුරස්ථව කළ යුතු අතර උසස් උදවිය හා අමනාපකම් හා ඒ අයට ඔබව එපාකරවන තත්වයන් යෙදීමට හේතුයි. ප්‍රවේශමෙන් හා බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතු කාලයකි. ඔබගෙන් උදව් උපකාර ගත් අයම ඔබට නින්දා අපහාස හා සතුරුකම් කිරීමට පෙළඹෙන බැවින් එවැනි අය හඳුනාගෙන ඈත්ව කටයුතු කිරීම යහපති.
ගෘහ ජීවිතය :-
සතුරන් නිසා කරදරයක් වේය යන බිය සිත තුල මතුවන අතර සතුරන්ගෙන් ඈත්ව සිටීමට මාර්ග සොයනා කාලයකි. ඔබ වෙත සමාජයෙන් ලැබුණ හොඳ නමට හා ප්‍රසිද්ධියට බාධක එල්ලවන කාලයකි. නිතර කරදර සහ සිතේ සතුටට බාධා එල්ලවන කාලයකි. වියදම් අධිකවූ නිෂඵල ගමන් ඇති කරවීමද, ස්ථාන හා කරන කියන කටයුතුවල වෙනස්කම් ඇති වීමට හේතුයි. රැකියාවල දියුණුවට බාධා තිබුනත් සැප්තැම්බර් වලින් පසු ඒවා සුබ අතට හෙරෙනු ඇත. කෙසේ නමුත් වර්ෂය මැද බාගයෙන් පසු ආර්ථික තත්වය යහපත්වනු ඇත.ලොතරයි දිනුම් ආදී හදිසි ධන ලාබ ඉදිරියේදී ලැබීමට ඉඩ ප්‍රස්තා ඇත.
අධ්‍යාපනය._
අධ්‍යාපනික කටයුතුවල වෙනස්කම්ද සිදුවන කාලයකි. අධ්‍යාපනය සම්බන්ධයෙන් බාධා නොවනු ඇත.
සෞක්‍ය :-
ශනි හතරවැන්නේ ගෝචර කරන කාලය නිසා ශරීර සනීපය අඩුවීමද, හිරි වාත රෝග වැලඳීමද, ,ඇස් වලට ආබාධයන්ද, ඇතිවන කාලයකි. ජය අංක-2-5
තුලා ලග්නය.
යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වන අය වේ. අනුකම්පා සිත් ඇති සමාදානයෙන් කටයුතු කිරීමට ලෑදී කතාවට සුරගති ඇති යමක් කල් ඇතිව දැනෙන අය වේ. නමුත් අවිශ්වාසය සිත තුල ජනිත වීම සුභ නොවේ. ක්ෂණික කෝපය ඇතිවීම ස්වාභාවිකයි. ව්‍යාපාර කටයුතු වලට දක්ෂ වේ.
ආර්ථිකය :-
ප්රසිද්ධත්වයෙන් තොරව හෝ රහසිගතව සමහර කටයුතු උදෙසා මුදල් වියදම් කරන කාලයකි. අනාගත අභිවෘද්ධිය හා මතු ලාභ අපේක්ෂාවෙන් ධනය වැයකරන්නට සිදුවන අතර අනාගතයේදී එවායේ ප්‍රතිඵල බුක්ති විඳිමට හැකිවනු ඇත. පිනට දහමට ලැදිවන අතර පින් දහම් කටයුතු වෙනුවෙන් ධනය කැපකරන කාලයකි. රහසේ හෝ අප්රසිද්ධව අසරණයන්ට වියහියදම් කරන කාලයකි. වියදම් අධික වීමද සමගම සිත් තැවුල්ද, බලාපොරොත්තු බිඳ වැටීමද, බොරු චෝදනාවලට ලක්වීමද, නඩුහබ හෝ සතුරු කරදර පැමිණීමද, ආරවුල් වලට මැදිවීමද සිදුවිය හැකි බැවින් බුද්ධිමත් විය යුතු කාලයකි.
රැකියාව._
රැකී රක්ෂා දියුණුවට පත්වන අතර නම්බුව කිර්තිය ලැබෙන කාලයකිගකරගෙන ආ කටයුතු දියුණුවට පත්වන අතර අළුත් කටයුතුද ආරම්භ කල හැකි කාලයකි. සතුරන් පරාජය කල හැකි කාලයක් වන අතර ඔබගේ බලයද වර්ධනය වීමට හේතුය. උසස් අයගේ ඇසුර ලබන ඔබ ඔවුන්ගෙන් උපකාර ලැබීමටද හේතුය. . ඉහල සමාජ තත්වයකට යා හැකි අතර ඔබගේ දියුණුවට කරගෙන ආ වැඩ කටයුතු තව තවත් දියුණුවට පත් වන කාලයකි.
ගෘහ ජීවිතය :-
සෙනසුරු තුන්වන්නේ ගමන් කරන නිසා සිතේ සතුට ඇතිවන කාලයකි’ශරීර සනීපය ඇතිවන අතර ධන ලාභ ලැබීමට හේතුය. ස්ත්‍රීන්ගෙන් සතුට ලබන කාලයක් වන අතර ස්ත්‍රී සැපද, මංගල යෝගද උදාවේ. ණය ගනුදෙනු වලින් මෙන්ම දේපල සම්බන්ධව ආදයම් ලැබීමට හේතුයි. දුර දක්නා නුවණින් යුතුව ආරම්භකරන කටයුතු වලට යහපත් වන අතර වැඩි හිටියන්ගේ දේපල ලැබීමට හේතුය. මේ කාලය තුල ඉඩකඩම් මිලයට ගන්නා අතර ගොඩනැගිලි සැදීමටද යහපත් කාලයකි.
අධ්‍යාපනය._
අධ්‍යාපනයද කරගෙ යාමේ හැකියාවක් ඇති අතර විවිධ අංශ වල දැනුම අවබෝධය ලබා ගතහැකිවනු ඇත.
සෞක්‍ය :-
මෙතෙක් පැවතී රෝගභාධයන්ගෙන් නිදහස්වී කටයුතුකළ හැකිය.ජය අංක.1-4
වෘශ්වික ලග්නය.
ශක්තිය ,ෛධර්ය,සිතේ පවතින් විස්වසය් නිසාම දක්ෂතා පෙන්වන්නකි.නිර්භීත,ඉක්මන්ගති ඇති,භාදක ඉවතලා ඉදිරියට් යන සව්භාවයක් ඇති අයවේ.නොයෙක් දේ කිරීමට ඤානය ඇති ,ඉතා කඩිසර ගති ඇති,යම් උසස් ආඩම්බර ගතිද පවතින්නේය.අනනුන්ගේ දොස් ඉක්මනින් දකින්නාසේම ඒවා විවේචනයද කරයි.
ආර්ථිකය :-
මෙම කාලය තුල නොයෙක් ලාබ ප්‍රයෝජන හිමිවන අතර හිත මිතුරන් නැවත මුන ගැසීමට හේතුයි. එසේම ඔවුන්ගෙන් කාලයක් මුළුල්ලේ ලාබ ප්‍රයෝජන ලැබීමටද හේතුවන අතර දේපල ඉඩකඩම් වලින් ලාබ ප්‍රයෝජනද, අළුත් ස්ථාන හෝ පදවි, තත්ව, තනාන්තර, බලය, ප්‍රීතිය ආදිය ලැබීමට හේතුවන කාලයකි. ආදායම ක්‍රමයෙන් වැඩිවන අතර පවුලේ සමාදානය හා ප්‍රීතිය රජයන අවදියකි. යාන වාහන ලාබද, ව්‍යාපාර වලින් ලාබද, දරු ලාබද,ලැබෙන කාලයකි. ආර්ථීක ස්ථාවරයකට පත්විය හැකි කාලයකි.
රැකියාව._
රැකි රක්ෂා අහිමිව සිටියේ නම් රැකියා තනතුරු ලාබද, අහිමි වූ වස්තුව නැවත හිමි වීමද හේතුයි. ගොවිතැන් කරනවා නම් හොඳ අස්වැන්නක්ද, සතුරන් පරාජය වන සතුරන් මිත්‍රවන බලා පොරොත්තු සඵල වන්නා වූ රැකී රක්ෂා වලින් උසස්වන නව රැකියාවල් ලැබෙන කාලයකි. නිලතල ලැබීමද, ව්‍යාපාර දියුණුවද,ලැබීමට හේතුවන කාලයකි.
ගෘහ ජීවිතය :-
කෙසේ වෙතත් ලග්න එරෂ්ටකයේ අගකොටස ගෙවනඔබට ධන හානිය ඇති වීමට ඉඩ ඇත. අන්‍යයන්ගෙන් ධනය ලැබෙන අතර අන්‍යයන්ගෙන් යැපීමට සිදුවන කාල පරිච්ඡේදයකි. තමන් සතු දේපල වලට හානි පැමිණිය හැකිය. නිෂ්ඵල කටයුතු සඳහා මුදල් වැයවන අතර මුදල් අතේ ගැවසීම අඩුකරන වකවානුවකි. මුදල් සම්බන්ධයෙන් අපහසුතා මතුවන්නා වූ කාලයක් වන අතර ණය ගනු දෙනුවල පැටලැවීමට ඇති ඉඩකඩ වැඩිය. පහත් උදවියගේ වංචාවලට හෝ රැවටිලි වලට හසුවිය හැකි බැවින් ප්‍රවේශම් වීම යහපති.
අධ්‍යාපනය._
අගෝස්තුවලින් පසු විභාග ජය අත්කරගැනීමේ හැකියාවන් පවතන අතර විදේශ අධ්‍යාපනයට යොමුවීමේ හැකියාවන් ඇතිවේ.
සෞක්‍ය :-
දත්වල අසනීප මෙන්ම ශාරීරික දුබලතා මතු වීමට හේතුයි. සෙනසුරු දෙවැන්නෙන් යාමට පෙර නින්දාවක් හෝ අපහාසයක් ලැබීම නියත බැවින් ඉන් ප්‍රවේශම් වීම යහපති. ඇස්වල අමාරු ,කොන්දේ අමාරු ,දන්හිස් අමාරු ඇතිවිය හැකියි.
ජය අංක.3-9
ධනු ලග්නය.
ප්‍රසන්නවූ පෞරුෂයකින් යුක්ක්ත ඔබ අන් අය ඔබවෙත ආකර්ශනය කර ගැනීමේ හැකියාවත් ඒ අයගේ සිත් ඇදගන්නා විධියට කතා කරන්නටත් දක්ෂයින්ය.ඔබ නිතර ඔව් ,හා,කරමු යන දහන්ත්මක චින්තනය ඇතිව කටයුතු කරයි.මොවුන් ත්යගශිලිබවෙන් යුක්තවුවන්ය.
ආර්ථිකය :-
සෙනසුරු ග්‍රහයා ගොචරයෙන් ලග්නය හරහා ගමන්ගන්න කාලය නිසා ලග්න එරෂ්ටකය බලපත්වන කාලයකි.එනිසා ව්‍යාපාර කටයුතු කරන අයගේ නම් ව්‍යාපාර කටයුතුවලට හානි සහ මුදල් පාඩුද, උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබීමද, තමාට හිතවත් වූ මිතුරෙක් හෝ ඥාතියෙකුගේ වෙන්වීමක්ද සිදුවිය හැකි අතර දේපල වලට හානිද, ඒවායින් ප්‍රයෝජන අඩු වීමද, ,තම සේවකයන් සමග අවුල්ද, වියදම් අධික වීමද, සුළු වශයෙන් ලාභ ලැබීමද සිදුවන කාලයකි.
රැකියාව._
රැකී රක්ෂා ලැබීමටද, රැකියාවේ උසස් වීම්ද බලාපොරොත්තු වන අතර එම උත්සාහයන් ව්‍යර්ථ වීමට හේතුවන කාලයකි. තවද තම පමණට වඩා ඔබ්බෙන් වැඩ කටයුතු කිරීමට යාම නිසා පරාජය, පාඩුව හා නින්දාව ලැබීමටද හේතුයි. මේ නිසා මෙම කාලය තුල සිහිකල්පනාවෙන් යුතුව ඉවසිලිවන්තව කටයුතු කල යුතු කාලයකි. රැකී රක්ෂා නැති වීමක් හෝ තනතුරු වලින් පහත වැටීමක් හෝ ස්ථාන මාරුවක් ලැබිය හැකිය.
ගෘහ ජීවිතය :-
ගෙදරදොරේ අවුල් වියවුල් පැන නැගීමද ශනි ලග්නයේ ගමන් කරන කාලය බෙහෙවින් අපල දායකය. බලාපොරොත්තු නොවන අයුරින් අධික ලෙස වියදම වැඩිකරන කාලයකි. අධික ලෙස සිතට වද දෙන්නාවූ ද පවුලේ කෙනෙකුට, ඥාතියෙකුට හෝ හිතවතෙකුට තදබල අපල ගෙන දෙන්නාවූ කාලෙයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන කාලයකි. සේවයේ මහන්සිය තරමට ආදායම නොලැබේ. ඔබට ඇති දක්ෂකමේ තරමට කීර්තිය හා ප්‍රශංසාව නොලැබේ.
අධ්‍යාපනය._
විදේශ ගතවී අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වන අයට ශුබයි.ඉවසීම අවශ්‍ය කාලයකි එසේ නොවීම අධ්‍යාපනයට බාදා ගෙනදිය හැකිය.
සෞක්‍ය :-
දණහිස් අමාරු වැනි රෝග තත්වයන් පැවතියද සෞක්‍ය තත්වය ශුබයි.
.ජය අංක.3-6
මකර ලග්නය.
බලය තහවුරු කරගෙන කටයතු කිරීමට කැමති,සියුම්ව නොසිතුවත් ක්‍රියාකාරී අතින් වැඩි අයෙකුවේ.දුරදිග කල්පනාකාර වැඩ කලත් යමක් අතට ලෑබෙනකම් විස්වාසය නොමැතිවේ. නමුත් ආත්ම ශක්තියෙන් යුතු , අන් අයට යටත් වීමට අකමැති,චිත්ත ධෛර්ය ඇති ක්‍රමානුකූලව කටුයුතු කරනන් වේ
ආර්ථිකය :-
සිතේ සතුට ඇති වීමද, තත්වයෙන් උසස් වීමද, බලය ලැබීමද මෙම කාලය තුල සිදුවන අතර වෙළඳ ව්‍යාපාර වලින් ලාභද, රැකියා ආදියෙන් පඩි වැඩිවීම්ද, දීමනා ලැබීමද ඇතිවන කාලයකි.සහකරුගෙන් හෝ පවුලේ අයගෙන් උදව් උපකාර ලැබීමද,ලබන කාලයකි. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙනීමටද, අන්‍ය භාෂාවන් ඉගෙනීමටද සිත් දෙන කාලයකි. විශේෂයෙන්ම මෙම වාසනාව උදා වනුයේ ස්වකීය පදිංචි ප්‍රදේශයෙන් පිටවුන කලටය. ස්වකීය කටයුතු දක්ෂ අන්දමින් කරගෙන යා හැකි අතර උසස් අයගෙන් ගරු සැලකිලි ලැබෙන කාලයකි.
රැකියාව._
රැකියාවෙන් ස්ථානමාරුද, ස්ත්‍රී පක්ෂය හා ආශ්‍රයට යාම නිසා නින්දා අපහාසද ණය ලබාගැනීමට හැකි වීමෙන් අඩපනවූ කටයුතු නැවත යථා තත්වයට පත් කර ගැනීමද, අළුතින් ආරම්භකරනා වැඩ කටයුතු වල දියුණුවද, ආදායම් තත්වය වැඩි වීමද, සිත් සතුටට කරුණු ඇති වීමද, විශාල මුදල් ලාභයන්ද ලැබිය හැකි කාලයකි.
ගෘහ ජීවිතය :-
දුර බැහැර ගමන්වල නියැලීමට යොමුවන කාලයකි. ගෙදරදී මෙන්ම පිටතදීද ආගමික කටයුතුවලට යොමු වන්නා වූ කාලයකි. මෙම කාලය තුල ගෙදර දොරේ වාසනාවද, ගෙදොර දොරේ අළුත් බඩු මුට්ටුද ගැනෙනා කාලයකි. ගෙවල් දොරවල් මිලදී ගැනීමට හෝ අළුත් වැඩියා කිරීමටද, ගෘහ උපකරණ හෝ එවැනි බඩු බාහිරාදිය මිලදී ගැනීමට යොමුවන කාලයකි. ශරීර සනීපය යහපත් වන අතර අඹු දරුවන්ගෙන් මෙන්ම ඈත පලාත්වල සිටින ඥාතීන්ගෙන් වාසනාව උදාවන කාලයකි. තරුණ වයසේ නම් එකවර ආදර බන්ධන දෙකක් පැවැත් වීමටද හේතුවන අතර සිතට සැනසිලි දායක වූ දරුවන්ගේ ඉගෙනීම් වැඩි දියුණුවන කාලයකි.
අධ්‍යාපනය._
වර්ෂයේ මැදින් පසු අධ්‍යාපන කටයුතු සර්තකාවන අතර ඉංජිනේරු,කාර්මික අංශ වල අධ්‍යාපන දියුණුවක් අත්වේ.
සෞක්‍ය :-
රාහු අටවැන්නේ ශුභව ගමන් කරන කාලයක් නම් ඉහත කී තද බල අපල අඩුවී වාසනාවද අසනීප දුරුවී සුවයද, අසනීප රෝග භාධ ආදිය වසර අගවනවිට සහනයක් ලැබේ
ජය අංක.2-3.
කුම්භ ලග්නය.
ස්ථිර සාර ගුණයෙන් යුත් ,ත්‍යාග වන්ත හදවත් ඇති,නිතර සත්පුරුෂ ක්‍රියාවන්ගේ නියැලෙන අප්‍රමාණ සොම්නසට පත්වන්නන් ලෙස නම් දර සිටින්නන්ය.සභාවික තත්වයට ගරුකරන මනුෂ්‍ය ගති ඇති අයෙකි.යමක් කිරීමේදී සොයා බල කරයි,පිටින් පෙනෙන ගති ගුණ නොව වඩා යහපත් ගතිගුණ ඔහු සතුව සැඟවී ඇත්තේය.
ආර්ථිකය :-
අලාභහානී ඇති වීමද, ගමන් බිමන් අධික වීමද, එම ගමන් නිෂ්ඵල ඒවා වීමද සිතට කයට දැඩි මහන්සියද ඇතිවන කාලයකි. කරගෙන ආ කටයුතු වලට බාධා අවහිර මතුවන කාලයකි. හදිසි අනතුරු වලින් ප්‍රවේශම් විය යුතු අතර චෝදනා අපවාද අසන්නට ලැබෙන කාලයකි. මෙම කාලය තුල නොගැලපෙන වැඩ වලට යොමු නොවිය යුතු කාලයකි.
රැකියාව._
වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු ආරම්භකිරීමට හොඳම කාලයකි. වෙනත් උදවිය යොදා වැඩ ගැනීමටද, ගොඩනැගිලි වැඩ ආරම්භ කිරීමටද, වගා ආදී කටයුතු ආරම්භ කිරීමටද, නිසරු ඉඩම් සංවර්ධනය කිරීමටද යහපති. පොත පත ආදියෙන් තම නම ප්‍රසිද්ධ වීමද, තම ඇසුරට හොඳ පිරිසක් එක්වීමද මෙම වකවානුවේ සිදුවනු ඇත. රැකියා සඳහා තිබු භාධක ඉවත්කරගෙන ලාබ ප්‍රයෝජන ගතහැකි කාලයකි.
ගෘහ ජීවිතය :-
තමාට හෝ තම අඹු දරුවන්ට අපල පීඩා ගෙන දෙන කාලයකි. සිත් කණගාටුවක් ඇති වීමටද,දූ දරුවෙකුට කරදරයක් හෝ ඈත් වීමක්ද පෙනවන කාලයකි. නොතෙරුම් කම නිසා හෝ මෝඩ කම නිසා අඹු සැමි භේද ඇති වීමද, තත්වය නරක අතට පෙරලී සියළු වැඩ කටයුතු අවුල් වීමද, හවුලේ කරන කටයුතු වලින් පාඩුද, සිදුවන කාලයකි.
අධ්‍යාපනය._
සැප්තැම්බර් මාසයෙන් පසු අධ්‍යාපනයේ නවමෙන්පෙත් විවර කරගන්නට අවශ්‍ය මග පෑදේ.ඉංජිනේරු තාක්ෂණ අංශ වලින් ජය ලැබිය හැකිය.
සෞක්‍ය :-
මෙම කාලය තුල ශරීර සනීපය යහපත් වීමද,හිසේ පවත්නා සෙම් අමාරු ලදණහිස් ආබාධ ක්‍රමයෙන් අඩුවියනු ඇතගගුරු අටවැන්නේ ගෝචර කරන කාලය තුල ගුද මාර්ගය ආශ්රිත අසනීපද, අර්ශස් වැනි අසනීපද ඇති වීමට හේතුයි.
ජය අංක..2-3
මීන ලග්නය
විස්වාසවන්ත කම ,ගුණයහපත්කම,අන් අයගේ අදහස්වලට වුවද ගරුකරන,අලුත් දේට කැමති අයවලුන්වේ.උනුවන් හිතක් ඇතිමුත් ඍජු අදහස් ඇති,රස අහරයට රසාස්වාදයට කැමතිවේ.කාටවත් පක්ෂ පති නොවුනත් හැමගේම සිත් දිනාගෙන කටයුතු කරයි.ලෞකික අතින් දියුණුව හෙමිහිටය,හතුරෙකුට වුවත් කරදරයක් වෙනවාට අකමැතිය.කවදාවත් විස්වාසය කඩ නොකරයි.
ආර්ථිකය :-
ගෙදරදොරේ වාසනාව උදාවන අතර සුදුසු වයසේ නම් මංගල යෝගද, සැපද, දරු ශිෂ්‍ය ලාභයන්ද ලැබෙන කාලයකි. සිතට මෙන්ම කයටද සැප ලැබෙන අතර දියුණුවට යහපත් කාලයකි. යාන වාහන මෙන්ම හොඳ ආහාර පානාදියද බුක්ති විඳිය හැකි කාලයකි. නැතිවු වස්තු ලබන අතර ශරීර සනීපය යහපත් වීමද, අළුත් වැඩ කටයුතු ආරම්භ කිරීමද, අළුත් දෑ ඉගෙනීමටද හැකිවන කාලයකි. ආදායම් තත්වය යහපත් අතට යොමු වීමද, තම සහකරු හෝ සහකාරීය සමග පවත්නා සම්බන්ධය යහපත් වීමද, ශරීර ශක්තිය ඇති වීමද, ශරීරය පෘෂ්ඨිමත් වීමද ඇතිවන කාලයකි.
රැකියාව._
ස්වකීය තනතුරු ආදියේ උසස්වීම් වලට බාධා කරදර පැන නැගීමද, ව්‍යාපාර හා ගොවිතැන් ආදියට පාඩු හා අවහිරතා ඇති වීමද හේතුයි. රැකියා කටයුතු කෙරෙහි ගැටළු හා පැටලිලි මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව කරන කටයුතු වලදී බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එසේම රාහු හයනැන්නේ ගමන් කරන මේ කාල පරිච්ඡේදය තුල ශරීර සෞඛ්‍යය යහපත් වන අතර කරන කියන වෙළඳ ව්‍යාපාර ආදී කටයුතු වලින් ලාභ ලබන රැකියා දියූණුව ඇති කරවන වාසනාවන්ත වූ සැපවත් කාලයක් වනු ඇත.
ගෘහ ජීවිතය :-
සතුරන් පරාජයවන ප්‍රධානීන්ගේ ගරු සැළකිලි ලැබෙනඋත්සව ආදියට සහභාගී වන ප්රබුද්ධ දේශන පවත්වන්නාවූ කාලයකි. සියළුම කටයුතු තම වාසියට සිදුවන අතර තරුණ වයසේ අයට නම් ආදර බන්ධන ඇතිවන කාලයකි. තම බල පුළුවන්කාරකම් පෙන්වන කාලයක් වන අතර සිත් ප්‍රීතියට කරුණු සැලසෙන ඥාණය වැඩි දියුණු වන කාලයකි. වැඩි හිටි අයෙකු නම් තම පවුලේ බාල අයෙකුගේ හිතවත් ඥාතියෙකුගේ මංගල උත්සවයක්ද, වනු ඇත.
අධ්‍යාපනය._
ඉගෙනීමේ කටයතු සඳහා මෙතෙක් පැවති බාධක ඉව්ත්කරගෙන ඉදිරියට යාමේ හැකියව් ඇතිවේ.
සෞක්‍ය :-
කොන්දේ තුනටියේ අමාරු ,හිසේ කැක්කුම්,,උෂ්නදික රෝග අත්විය හැකියි.
ජය අංක.1-4