කාන්තාවකගේ සියලුම අංග වලින්ම කාන්තාවකගේ චර්යාවන් පිළිබඳව හෙලිවේ.
එමෙන්ම කාන්තාවකගේ ගෙලද නොයෙක් හැඩයෙන් පිහිටා ඇත. ගෙලෙහි දිල පලලින් ඇයගේ රුවෙහි ලස්සන මෙන්ම ඇයගේ රුචි අරුචි කම් මෙන්ම ඇයගේ ගති ගුණද මනාවට ප්‍රකාශ කල හැකියි.
1 ගෙලෙහි මැදට වෙන්නට උපන් ලපයක් පිහිටන කාන්තාවන් ශාන්ත දාන්ත ස්වාමියෙකු ලබන්නට පින් කර ඇත.
2 ඉතා දික් වූ ගෙලක් ඇති කාන්තාවන් පිරිමින් වසග කර ගැනීමට උත්සාහ කරයි. එක් පුරුෂයෙකුගෙන් සෑහීමට පත් නෙවේ.
3 ගෙල බෙහෙවින් කොටට එනම් ගෙලක් නොමැති තරම් කොටට පිහිටා ඇති කත පරුෂ වචන විතරම දොඩවන අන් අය ගරහන තම ස්වාම්යාට අවනත නැති කාන්තාවක් වේ.
4 යම් කාන්තාවකගේ ගෙල අගල් 3 ක් 4 ක් පමණ දික් වී රවුමට පිරුණු ලෙස පිහිටා ඇත්නම් ඇය තම සැමියාට බෙහෙවින් ආදරය කරන තැනැත්තියකි.
5 නහර එලියට පෙනෙන ලෙස පිහිටා ඇති ගෙලක් සහිත කත ගුන දර්ම පිරිහුන නපුරු තැනැත්තියකි. සාමයෙන් සිටින අය පවා ඇයට රුස්සන්නේ නැත.
6 ගෙල පැතලි ලෙස පිහිටි කත විවාහ වන්නේ ප්රමාදවීය.
7 ගෙල තද කළු පැහැයෙන් වටවී මහත් වී ඇති කත නිතරම පුරසාරම් දොඩන තම ස්වාමියාට අවනත නැති මුරනන්ඩු කතකි. බොහෝ විට ඇයගේ විවාහය දික්කසාදයෙන් පවා කෙලවරවේ.
කාන්තාවකගේ දේහ ලක්ෂණ රහස් – ඇස්වලින් කියවෙන රහස්
8 ඇස් දෙකෙහිම වපරයක් පිහිටි කාන්තාව සැමියාට විරුද්දව කටයුතු කරයි. දකුණු ඇස වපරනම් එනම් කාන්තාවන් වද බවින් යුක්ත වේ.
වම් ඇස වපරනම් එවැනි කාන්තාවන් අනාචාරයෙහි හැසිරේ.
9 කුඩා හීනි දිගටි ඇස් ඇති කාන්තාව හොඳ තීක්ෂණ බුද්ධියක් ඇති කාන්තාවන් වේ. මොනුක් හොඳ ඉවක් ඇති කාන්තාවන් වේ.
10 අඳුරු පැහැති ඇස් ඇති කාන්තාවන් ජීවිතයෙහි කිසිම දවසක සුබ වාදීව යමක් දකින්නේ නැත.
11 ඇස් තද කළු පැහැයෙන් යුක්ත කාන්තාව නිතරම සතුටින් සිටී.
කාන්තාවකගේ දේහ ලක්ෂණ රහස් – ඇගිලි වලින් කියවෙන රහස්
12 යම් කාන්තාවකගේ ඇගිලි ඉතා හීනියට දිගටිව පිහිටා ඇත්නම් එම කාන්තාව දිලිදු බව උපතින් ගෙනා අයෙකි.
13 එහෙත් යම් කාන්තාවගේ ඇගිලි දිගුව වක්රකාරව ඉතා සෝබන ලෙස පිහිටා ඇත්නම් ඇය ඉතා බුද්ධිමත්වේ හැම විටම තම බුද්ධියට මුල් තැන දී කටයුතු කරයි.
14 යම් කාන්තාවකගේ ඇගිලි ඉතා මහත් වී පිහිටා ඇත්නම් ඇය අලස කමින් යුතු අයකු වේ. තම කටයුතු වලට වඩා අන් අය පිළිබඳව සෙවීම මොවුන්ගේ ගති ලක්ෂණ වේ.
15 යම් කාන්තාවකගේ ඇගිලි වකුටු වී පිහිටා ඇත්නම් නිතර සිත දුර්වල කර ගනී. අන් අයට යටහත් අය වේ.
16 යම් කාන්තාවකගේ ඇගිලි කොට වී නියපොතු ඉතා කෙටිව මහත්ව පිහිටා ඇත්නම් එම කාන්තාව ඉක්මනින් කෝපයට පත්වේ.
17 රෝස පැහැති ඇගිලි ඇති කාන්තාව වාසනාවන්ත කාන්තාවක් වේ.
18 ඇගිලි සියල්ල කෙලින් පිහිටා ඇති කාන්තාව කෙලින් වැඩ කරයි. ඇය ඉවසිලිවන්ත කාන්තාවක් වෙයි.
19 පංච කල්‍යාණියක් වීමට කැමති ඕනෑම යුවතියකගේ සිහිනය වනුයේ දිගුවන් පියකරු කෙස් කළබක් වේ. යම් යුවතියකගේ කෙස් කළබෙන් ද ඇය ගැන ඇගේ සිතිවිලි ගැන කිව හැකි බව අංග ලක්ෂණ විද්‍යාවෙන් ප්‍රකාශ වේ.
කාන්තාවකගේ කෙස් කළඹින් කියවෙන රහස්
20 හිසකෙස් කැමති පරිදි පීරා පිළිවෙලකට තබා ගත නොහැකි ලෙස පිහිටා ඇත්නම් එම හිසකෙස් හිමි යුවතිය ඉක්මනින්ම කෝපයට පත් වෙන යුවතිවක් වේ. කිසිදු විටෙක කිසිම දෙයකින් සෑහීමකය පත් නොවන යුවතියක් වේ.
21 හිසකෙස් ඉතා ගණව දිගුව පිහිටා ඇත්නම්, එම ස්ත්‍රීය මානයෙන් හිස උඳුමවාගෙන ජීවත් වන්නියක් වේ.
22 නිල් වන් දිගු කෙස් වැටියක් හිමි යුවතිය ඉතාමත් අහිංසක ගති ඇති චාම්ගති ගුණ පිරි වාසනාවන්නියකි.
23 කැරලි ගැසුනු බොකටු වරලසක් හිමි කාන්තාව කොපමණ උත්සාහ කරත් දියණුව කරා නොයයි. විවාහය ගැන නිතරම පසු තැවෙන යුවතිවක් වේ.
24 ඉත්තෑ කූරු මෙන් උඩට ඉස්සී ඉතා ගණව පිහිටා ඇති වරලසක් හිමි යුවතිය නිතර පවු කරයි.
25 පීරා පිලිවෙලකට තබාගත හැකි කෙලින් පිහිටා ඇති මහත වරලසක් හිමි යුවතිය සැම විටකම නිවැරදි තීරණ ගන්නා කරුණාවන්ත යුවතියක් වේ.
26 ඉතාමත් තුනී හිසකෙස් ඇති යුවතිය නිතරම මානසික පීඩා වලට ගොදුරු වේ. සැම විටම බලාපොරොත්තු බිඳී යයි.
කාන්තාවකගේ සිනහවෙන් කියවෙන රහස්
කාන්තාවකගේ සියළුම අංග මෙන්ම ඇය කරන කියන දේවලින් ඇය ගැන කිව හැකි බව දේහ ලක්ෂණ පොත් පත් වල සඳහන් වී ඇත. කාන්තාවන් සිනාසෙන හඩින් සහ පිළිවෙලින් ඇය ගැන බොහෝ කරුණු කිව හැකිය.
27 දත් සියල්ල පෙනෙන ලෙස එනම් මුලු කටෙහිම විදුරුමස් පවා පෙනෙන අයුරින් සිනා සෙන කාන්තාව කපටිය. තම ස්වාමියාට කිසිසේත්ම ගරු නොකරන ඇය ස්වාමියාව යටත් කරගෙන ජීවත් වීමට උත්සාහ
28 සිනාසෙන විට කම්මුලෙහි වලක් සෑදෙන කාන්තාවගේ මව හෝ පියා ඇය හැර යයි. එසේ නොමැතිනම් ඇයගේ ස්වාමියා හෝ අකාලයේ මිය යයි.
29 රිදී සීනුවක හඩින් සිනාහෙන කාන්තාව ඉතාමත් වාසනාවන්ත වේ. විවාහයෙන් පසු සැප සම්පත් විදින කාන්තාවන්ගේ සිනහව විමසීමේදී මේ බව සනාතවේ.
30 දෙකම්මුල් පිම්පෙන අයුරින් සිනාසෙන කාන්තාව විවාහයෙන් පසු ගැහැණු දරුවන් වැඩිපුර ලබයි. මෙවැනි කාන්තාවන් නිසා සැමියන් සුර සැප විදී.
31 සිනාසෙන විට කදුලු එයි නම්, එවන් කාන්තාවන් ඉතා ඉක්මනින් දුකට පත්වෙන කාන්තාවන් වෙයි. ඉක්මනින් කෝපයට පත් වෙන ඇය ඉක්මනින් නිවී දුකට පත් වේ.
32 සිනාසෙන විට මුහුණ රතු වේ නම් හෝ මුහුණ රෝස පැහැති වෙන කාන්තාව ඉතාමත් වාසනාවත්වය. තම ස්වාමියාට දැඩි ලෙස ආදරය කරන ඇය, ඔහුගෙන්ද එවන් ආදරයක් බලාපොරොත්තු වෙයි. ස්වාමියාට ජීවිතය දියුණු කර ගැනීමට ඇය විතරක් ප්රමාණවත්ය.
කාන්තාවකගේ දෙතොල්වලින් කියවෙන රහස්.
33 ඉතා ගණව විෂාල තොල් ඇති යුවතිය රාගාධිකය තම චරිතය කෙලෙසා ගනී.
34 උඩුතොල දික්ව පිහිටි කාන්තාව පරිත්‍යාගශිලී කාන්තාවක් වේ. දනට පිනට කැමතිය තම දරුවන් හට මහත්සේ ආදරය කරයි. දැහැමින් කාලය ගත කරයි.
35 උඩු තොලට වඩා යටි තොල මහත්ව පිහිටි කාන්තාව ආඩම්බර ගති ඇති නිතරම ප්‍රිතියෙන් පසු වෙන විවාහ ජීවිතය සතුටින් ගත කරන අයෙක් වෙයි.
36 ලා රෝස පැහැති තොල් ඇති කාන්තාව වාසනාවන්ත විවාහ දිවියකට උරුමකම් කියයි. සියලුම සැප සම්පත් දෙන ස්වාමියෙක් ඇයට හිමිවෙයි.
37 තොල් එල්ලා වැටුනු ස්වරූපයෙන් යුන්ත කාන්තාව කිසි දෙයකින් සතුටට පත් කළ නොහැකි වේ.
38 තොල් මනා හැඩයකින් යුක්තව පිහිටි කාන්තාව පුරුෂයන් වෂී කරගනී.
39 තොල් තදව එකිනෙක ගැටී ඇති කාන්තාන ස්ථිර අදහස් වලින් යුක්ත වේ.
40 තද කලු පැහැති තොල් ඇති කාන්තාව තම ස්වාමියා යටත් කරගෙන ජීවත්වීමට උත්සාහ දරයි. උඩු තොල සහ යටි තොල එක හා සමානව පිහිටි කාන්තාව තම සියලු දේ සම සමව සිතන ස්වාමියෙක් ලැබේ.
ජෝතිෂ්‍යවේදී වයි.ඒ.ඩී. ගාමිණි ඩයස් යාපා.
කාන්තාවකගේ දේහ ලක්ෂණ රහස්
ජෝ්යතීෂ්ය සම්බන්ධයෙන් ලියවුනු බොහෝ පොත්වල වැඩි වශයෙන් ඇත්තේ පුරුෂයන් පිළිබඳ වූ කරුණුය. එමනිසා ස්ත්‍රීන් පිලිබඳ විවිධ දේහ ලක්ෂණ හා පලාපල පිළිබඳව මේ ලිපියෙන් ඉදිරියට ඔබට ඉතා ප්‍රයෝජනවත් වූ දැනුම් සම්භාරයක් ලබා දීමට බලාපොරොත්තු වෙමි.
ස්ත්‍රී පුරුෂ විවාහය.
යහපත් වූ දේහ ලක්ෂණද, යහපත් වූ චරිත ඇති. ස්ත්‍රියක් සරණපාවා ගැනීමෙන් අල්පායුෂ ඇති පුරුෂයකුට දීර්ඝායුෂ හා ඉතා සැප ඇත්තෙකු වශයෙන් තම ජීවිකාව ගෙන යාමට වාසනාව ලැබෙන්නේය. එසේම අරිටුයෝග (අනිෂ්ඨ යෝග) හෝ අනිෂ්ඨ ලක්ෂණ ඇති ස්ත්‍රීය සරණපාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පුරුෂයන් අඩු ආයු වලදා මරණයට පැමිනෙන්ණේය.
එම නිසා යහපත් අයහපත් ස්ත්රීන්ගේ ස්වභාවය දැනගෙන, යහපත් ස්තීයක්ම සරණපාවා ගෙන හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා පුරුෂයින් උනන්දුවන ඇත. එය එසේනමුත් දැනටමත් නපුරු යෝග ඇති , නපුරු ලක්ෂණ ඇති ස්ත්‍රීයක් පාවා ගන්නට සිදුවී ඇත්නම් එයින් ඔබ අපහසුතාවයට, දුකට පත්වී ඇත්නම් ඒ දොස් දුරුකරගැනීමේ ක්‍රම වේදයේ ඇති ශාන්ති කර්ම කිරීමෙන් යහපත් ප්‍රතිඵල ඇතිකරගත හැකිය. එම නිසා එවැනි තත්වයක් ඇතිවී ඇති අය ශාන්තිකර්ම පිළිබඳ උගත් ආචාර්යවරයෙකු හෝ ඊට සුදුසු ප්‍රතිකර්මයක් කරගෙන දොස්දුරු කරගෙන විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කල හැකි වන්නේය.
ස්ත්රීන්ගේ අංග ලක්ෂණ අනුව පලාපල තත්වයන්.
1 යම් ස්ත්‍රීයකගේ වමතේ හක්ගෙඩියක් වැනි රේඛා ඇත්නම් ඇය ගුණයෙන් යුක්ත රාජමාතාවක් වේ.
2 යම් ස්ත්‍රීයකගේ නියපොතු වල සුදුපැහැ බින්දු ඇත්නම් ඇය පුරුෂයන් කරා යා හැකියි.
3 යම් ස්ත්‍රීයකගේ මාපට ඇඟිල්ල උස්වේනම් ඇය අපමණ සුවයක් දෙන කාන්තාවකි.
4 යමකුගේ කුල්ලක ආකාරයෙන් නියපොතුවේද ඇය දුක්විඳින කාන්තාවක් වේ.
5 යම් ස්ත්‍රීයක් ගමන්කරනවිට දූවිලි අවුස්සමින් ගමන් කරයි නම් ඇය තම ස්වාමි පුරුෂයන් නසා වෙනත් පුරුෂයන් කරායාමට බොහෝ දුරට ඉඩ ඇත.
6 යම් ස්ත්‍රීයකගේ පයේ ඇඟිලි එකිනෙක උඩ නැග සිටීනම් ඇයද ස්වාමියා නසා වෙනත් පුරුෂයන් කරා යයි.
7 යම් ස්ත්‍රීයකගේ පයේ නියපොතු සිනිදුව, උස්ව තඹවන් වී, වටව තිබේ නම් ඇය බව භෝග ඇත්තියක් වේ.
8 යම් ස්ත්‍රියකගේ විලුඹ සමවුවහොත් පිනැත්තියකි. මහත්වීනම් පින නැත්තියකි, උස්වුව හොත් පරදාර සේවනයේ යයි, දික් වුවහොත් රෝග ඇති කරයි.
9 යම් ස්ත්‍රීයකගේ කොන්ඩා දෙක, ලොම් නැතිව, මසින් පිරි ඇත්නම් අය සැප විදින අයෙකු වේ.
10 පුළුල්වූ බඩ ඇති ස්ත්‍රීය බොහෝ දරුවන් ලබන අතර, මැඩියකුගේ උදරය වැනි බඩන් ඇත්තී නර ස්වාමියෙක් බලයි, දික්වු බඩ ඇත්තී බලවතකු ලබයි.
11 යම් ස්ත්‍රීයකගේ බඩ කාලයක හෝ මිහිගු බෙරයක හැඩයක් ඇත්නම් දරුවන් නැත්තියක් වේ.
12 යම් ස්ත්‍රියක්ගේ බඬේ රැලි ඇද නැතිව හෝ සිහින්ව තුනක් හෝ ඇත්නම් ඇය සිනා සීමෙන් සතුටුවන අයෙකි.
13 යම් ස්ත්‍රීයකගේ අතේ මාපට ඇඟිලි පියුම් කැකුළු වැනි වුවහොත් ඇය සැප ඇත්තියක් වේ.
14 පිරිසිදු රේඛා අත්ලේ ඇති කත යහපත් වන අතර රේඛා නැත්නම් හෝ අඩුම නම් අයහපත්ය. එසේම රේඛා අධිකවම ඇත්නම් වැන්දඹු විය හැකියි.
15 යම් ස්ත්‍රීයකගේ පිට අල්ල ලොම්වලින් ආකුලව ගැඹුරුව මස් වැහැරී ඇත්නම් ඇය කනවැන්දුම් විය හැකිය.
16 යම් ස්ත්‍රීයකගේ අත්ලේ පියුමක් වුයේ නම් ඇය රජ සැප විඳින අතර මිනිසුන් පාලනය කරන පුත්‍රයෙකු ලබයි.
17 යම් ස්ත්‍රීයකගේ දත් දෙතිසක්ව උඩු ඇන්දේත්, යටි ඇන්දේත් සමව, කිරි සුදු පැහැයෙන් පිහිටියේනම් ඇය පින් ඇත්තියෙකු වේ.
18 යටි ඇන්දේත් දත් වැඩිවූ තැනැත්තී මවගෙන් වෙන්වූ දුක් ඇත්තියෙක්වේ.
19 යම් ස්ත්‍රීයකගේ දිව මොලොක්ව රතුව හෝ සුදුව ඇදවී නැතිනම් ඉතා යහපත්ය. අග මහත්වී නම් සැප අඩුවේ.
ජෝතිෂ්‍යවේදී වයි.ඒ.ඩී. ගාමිණි ඩයස් යාපා.
පහළයාගෙඩ – ගම්පහ