සිංහල සිරිත් විරිත් හා ගනුදෙනු ද චාරිත්‍රද අදවන තෙක් රැඳී පවතින්නේ සිංහල අවුරුද්ද නිසාම කිවහොත් එයකවුරුත් පිළිගන්නා කරුකි.සිංහල අවුරුද්ද හෙළයන්ගේ අවුරුද්ද වශයෙන් පට බැඳුනේ ද මේ නිසාය.
“හෙළයන්” යන නාමය අප ශ්‍රී ලක්වැසියන්ට පටබැදුනේ අද ඊයෙක නොවේ. ඉපැරණි ලක් වැසියන්ගේ ප්‍රධානතම ආගම සූර්ය ඇදහිල්ල වීම නිසා ‘’හෙළ” යන නාමය අප ශ්‍රී ලක්වැසියන්ට පටබැදුනි. ලක්වැසියන් එය දේවත්වයෙන් සලකන ලද අතර, අප වැනි ශිෂ්ට සම්පන්න ජාතියකගේ එකම පැවැත්ම ද වන්නේය.
සුර්ය ඇදහිල්ල නිසාම, සිංහල අවුරුද්ද ජෝතිෂය හා බැඳීපවතින ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත. ලංකාවේ පවතින ප්‍රධාන උත්සව දෙකක් වන ඇසල උත්සවය හා අලුත් අවුරුදු උත්සවය හෙළයන්ගේ සූර්ය වන්දනාවේ ප්‍රධාන අංග දෙක වූවාය.
බක් මාසයේ මෙසේ සූර්යයා උදාවීම පැරැන්නන්ට විෂේශත්වයක් වූයේ මේ කාලය ඹවුන්ගේ ගොවිතැන් වලින් වාසනාවන්ත කාලයක් උදාවන නිසාය. මෙම ප්‍රීතිය මුල්කරගෙන මෙම උත්සවයට නව පනක් දුන්හ.
සූර්ය දිව්‍ය රාජයා මුලින් ම පා තබන්නේ උස් පර්වත, කඳු හෙල් මුදුන් වලටය. එම නිසා අපේ පැරැන්නන් ඉහල ස්ථානවල සර්වබලධාරී සූර්ය දෙවියන් වෙනුවෙන් දේවාල ඉදිකරණ ලදි. එම දේවාල ආශ්‍රිත පහත් බිම් පුදේශ හෙළයන්ගේ වාසය සිදුවිය. හෙල් බිම් වල මොවුන් වාසය කළ නිසා “හෙළ” යන නාමය පටබැඳුනි. එනම් හෙළ නැමැති මනුෂ්‍ය වර්‍ගයක් මේ නමින් බිහිවිය. ආදි කාලයේ මේ ප්‍රදේශ වල යක්‍ෂ, නාග හා රාක්‍ෂ ගෝත්‍ර ද සිටියහ. තාරක රජු විසින් රටම තම පාලනයට යටත් කරගත් පසු මෙම යක්‍ෂ, රාක්‍ෂ, නාග යන ගෝත්‍රයන් ද රජුගේ පාලනයට නතුවිය. මේ අනුව හෙළ නායකත්වය එදා සිටි සෑම දෙනාම පිළිගත් බවට සාක්ෂි ඇත්තේය. එසේ ම හෙළයන් ඇදහූ සූර්ය ඇදහිල්ල ද රජු වැළඳ ගැනී ම මෙහි ඇති විශේෂත්වයකි. එසේ ආරම්භ වන “හෙළ ජාතිය” සිවු හෙළය නමින් ද පසුව සිංහලය වශයෙන් ජාතියක් බිහිකරන්ට සමත් විය.
සිංහල ජාතියේ මුල් ම ඇදහිල්ල වූයේ ද සූර්ය ඇදහිල්ල හා සූර්ය දේව වන්දනාවයි. මේ මඟින් හෙළයන් ඉතා දියුණු ජාතියක් බවට පත්විය. සූර්ය දිව්‍ය රාජයා මුලින් ම පාතබන ස්ථාන පමණක් ලාංඡන පිහිටුවා මෙම සූර්ය ඇදහිල්ල කරන ලද අතර, දෙවුන්දර හා සමන්ත කූටය මෙම ඇදහිලි ස්ථානවල ප්‍රධාන ස්ථානයක් කරගති.මෙයින් වැටහෙන්නේ සූර්යයාගේ සංක්‍රාන්තිය හා ගමන් විලාසය ඉතා හොඳින් හෙළයන් දැනසිටි බවත්ය. වර්ථමාන පෙරහැරේ මුළින්ම ගෙන යන “ආරචි” පන්දම ද සූර්‍ය්‍යගේ හැඩය ගනී. එය නොනිවා තබාගන්නට සියලු බැතිමත්තු උත්සාහ වන්නාහ.
ගින්දර සහ ජලය ද සූර්ය දෙවියන්ගේ ප්‍රධාන දූතයන් ලෙස එකල සූර්යා දේවත්වයෙන් ඇදහූ හෙළයන්ගේ විශ්වාසය විය. එමනිසා විවිධ පූජා වල දී ජලයට, ගින්දරට මුල්තැන දී කටයුතු කලාය. එමස්ම සූර්ය දෙවියන් විසින් දෙනලද දයාදයක් ලෙස හෙරළි නොහොත් පනා (කොස්) හෙළයන්ගේ ප්‍රධාන ආහාර රටාවට ද එක්වූහ. මේ නිසා ම අදත් කොස් ගසට කොටා කිරි එනවා දැකීම සිංහල අවුරුදු චාරිත්‍ර අතරට එක්වී ඇති තවත් සුවිශේෂ දෙයකි. බක්මහ උළෙලේ දී සුභ මොහොතින් ගිනි දැල්වීමත්, ඇසල උත්සවයේ දී ගිනි පෑගීමත් ඒ සමග ම දිය කැපීමත් පුරාණයේ සිට පැවති චාරිත්‍ර වළින් සූර්‍ය්‍ය ඇදහිල්ලේ ඉතිරිවී ඇති කොටස්බව වැටන්නේය.මේ අනුව සූර්‍ය්‍යගේ උත්තරායනයේ දී කෙරෙන සූර්‍ය්‍ය උපහාරය බක්මහ උළෙල ද, දක්‍ෂිණායන ගමනේ දී කෙරෙන සූර්‍ය්‍ය උපහාරය ඇසල උත්සවය වශයෙන් ද ශ්‍රී ලාංකීය හෙළයන් ඉතා උත්සවා කාරයෙන් පවත්වන්නට යෙදුනාහ.
මේ අනුව සූර්ය ඇදහිල්ල එදා පටන් අද දක්වා එන ගමනේ දී විවිධ හැලහැප්පිලි හා වෙනස්කම් ඇතිකරමින් අද පවතින්නාවූ තත්වයට පත්වී ඇතිබව පෙනී යි. අප කුඩා කාලයේ දක්නට ලද දේ අද දක්නට නැත. අපේ මව්වරුන් පියවරුන් එදා සිංහල අවුරුද්දට දැක්කදේ කළදේ අද දක්නට නැත. එසේ නම් මේ හෙළයන්ගේ වටිනා කියන සූර්ය ඇදහල්ල අදවන විට කොතෙකුත් වෙනස්කම් වලට භාජනය වී ඇත්තේද? ඔලිඳ කෙළිය, පංචා කෙළිය, අටපෙත්ත පැනීම, මේවර කෙළිය, ඔංචිලි වාරම්, එළුවන් කෑම, රබන් වැයීම, වලකජු ගැසීම, ගුඩු විදිල්ල, අංකෙළිය, බට්ට පැනීම, තාච්චි පැනීම, දොලහ කෙළිය, උණබම්බු වෙඩි, පොරපොල් බිඳීමආදී හෙළයන්ගේ ජන ක්‍රීඩා අද ඈත්වෙමින් පවතී. එසේම පොඩි ළමයින්ගේ පොල්පිති ගොන්නු, රිම් පැදවීම, කුරුම්බැට්ටි මැෂින්, කුරුම්බා කෝම්බ පැදවීම ද අද දක්නට අඩුය. මේ මඟින් සිදුවූයේ කුමක් ද? අසල් වැසියන්, ගම්මුන්, ළමා ළපටින්ගේ එකමුතු භාවයට කුමක් සිදුවෙමින් පවතී ද? එසේනම් අපේ හෙළ සිරිත් විරිත් වලට කුමක් සිදුවෙමින් පව්තිනේද.
සිංහල අවුරුද්ද ජාතියේ නැවත පිබිදීමක් ඇතිවන එකම උත්සවය වන්නේය.අප මවු පියන්ගෙන් ලද කුල සිරිත් විරිත් නැවත අවදිවන්නේ මෙදිනට පමණි.හෙළ සිරිතේ මුලින්ම කරනුයේ නව සඳ බැලීමයි. නව සඳ බැලීමේ චාරිත්‍ර දෙකක් ඇත. ඒ පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීමත් අළුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීමත් ය. සඳු යනු මනසට කාරකයා ය. සඳුට හිමි වනුයේ විශ්ව කේන්දරයේ හතරවැන්න ය. මෙම හතරවැන්නෙන් ලෞකික සැප සම්පත් නිවේදනය කරනු ඇත. පිරිසිදු මානසිකත්වයක් තුලින් ලෞකික සැප අත් විඳීමට අප කවුරුත් කැමති ය. සඳු යනු විශ්වයේ මව නිවේදනය කරන ග්‍රහයා ය. මවගේ සෙනෙහස රැකවරණය ලැබීම තුල දරුවෙකු රටට දැයට වැඩ දායක පුරවැසියෙකු වන්නේ යම් සේ ද, මෙම විශ්ව රාජ්‍ය තුල මව වන සඳු දැකීමෙන් අත්කර ගන්නා සෙනෙහස, දයාව ස්වකීය පුද්ගල චරිතයට අනුබද්ධ කර ගැනීම මෙම නව සඳ බැලීමේ චාරිත්‍රය තුලින් ඉටු වනු ඇත.නමුත් ඒ පරණ අවුරුද්ද සඳහා නව සඳ බැලීම කලයුතු ය යන්න නොදන්නා අය බොහෝ සිටින බවනම් සබැමය.
එසේම පුණ්‍ය කාලයේ කලයුතු ආගමික චාරිත්‍ර,ආහාර පිසීම,වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම,ආහාර අනුභවය ද ,නොනගතය,නෑගමන් අපේ හෙළ සිරිත් වශයෙන් කිරීම අප කාගේත් යුතුකම හා වගකීම් වන්නේය.මෙය පරම් පරාවෙන් පරාවට ගියොත් පමණක් අපේ රට ජාතිය රැකෙන බවනම් සැබෑය.
එසේම අපේ චාරිත්‍ර අතර හිසතෙල් ගෑම ඉතා වැදගත් ඒ ඇයි, අළුත් අවුරුදු උදාවට පෙර ඖෂධ මිශ්‍ර නානු ගා ස්නානය කිරීමහා හිස තෙල් ගෑමෙන් පසු ස්නානය කිරීම සිරිතකි. මෙහි විද්‍යාණු කූල පදනමක් ඇත. මිනිස් හිස තුල ඇති මොළය ගහක මුදුන් මුළ හා සමානය. මුදුන් මුලෙන් උරා ගන්නා පෝශක කොටස් ශාකය පුරා විසිර යන්නේ යම් සේ ද ඒ හා සමානව මිනිස් මොළය ශරීර කූඩුව පාළණය කරන්නේ ය. මේ නිසා මනස පෝෂණය කිරීම පරණ අවුරුද්දට ස්නානය කිරීමේ පදනම වී ඇත. ස්නානයට පෙර හිස තෙල් ගෑම සඳහා නානු සාදා ගැනීමට යොදාගන්නා කළාඳුරු, කුංකුමප්පු,සුදු හඳුන්,විශ්ණු ක්‍රාන්ති,ගෝරෝචන,සස්සඳ,ඉරිවේරිය,නස්නාරං මුල්,සැවැන්දරා,නෙළුම් දඬු,බෙලි මුල්,ගොඩ මානෙල් අල,වෙනිවැල්ගැට,ඊතණ ආදී ඖෂධ වල ඇති ගුණාත්මක භාවය පිළිබඳව නොදන්නා කම නිසා මේ උතුම් චාරිත්‍ර රැකගැනීම අප කාගේත් යුතුකම වන්නේය.
සතියේ දින හත තුල දිය නෑමේ ශුභ අශුබ තත්වයන්ද මෙහිදී අපට වැදගත්වනු ඇත.ඉරිදා ස්නානය කිරීමෙන් රූපය අඩුවේ,සඳුදා ස්නානය කිරීමෙන්ඇඟටගුණ ඇතිවේ,අඟහරුවාදා ස්නානයකිරීමෙන් රෝගී වේ,බදාදා ස්නානය කිරීමෙන් ධනධාන්‍ය ලැබේ ,බ්‍රහස්පතින්දා ස්නානය කිරීමෙන් කළහා ඇතිවේ,සිකුරාදා ස්නානය කිරීමෙන්දූ දරුවන් රෝගී වේ,සෙනසුරාදා ස්නානය කිරීමෙන් ඇඟට ගුණ ඇතිවේ.එසේම ගනුදෙනු කිරීම අද මුදල ගැන පමණක්ම සිතා කන්නේය.ලිඳ සමග ගනුදෙණුව ,කිරි ගසට කෙටීම,ආදිය ක්‍රමයෙන් සමාජයෙන් ගිලිහියන ඒවාය.
එසේමසිංහල සංස්කෘතියෙහි බුලත් කොලයට හිමිවන්නේද ඉතා උසස් ස්ථානයකි.සිංහල අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් වශයෙන් බුලත් අතක් දී ආචාර කිරීමෙන් ලබන ආශීර්වාදය ඉතා උසස්ය.බුලත් අතකට කළහැකි දේ සාම සාධක හමුදාවකටවත් කල නොහැකිය,එනම් පරණ කෝන්තර ,වාද භේද,ඉඩම් ආරවුල්,පවුල් ආරවුල් ආදී ඕනෑම ආරවුලක් බුලත් කොළ හතලිහකින් සමන් විත බුලත් අතකින් නිම කිරීමට ඇති හැකියාව ඇත්තේ අප ශ්‍රී ලාංකිකයනට පමණි.එසේනම් මේ හෙළ සිරිතේ හා ගනුදෙනුවේ ඇති වැදගත්කම අප කටත් වෙටහෙනු ඇත.
හෙළ සිරිත් වීරත් අනුව සකසන කැවුම්, කොකිස්, අලුවා, ආස්මී ගත්ත ද ඒවායේ හැඩරුව ද ග්‍රහතාරකාවන්ගේ හැඩයෙන් යුක්ත ඒවා වශයෙන් නිර්මාණය කරන්නට අපේ හෙළයන් සමත් වූවාය. අද කැවුමක් පුච්චන ගෙයක් සොයාගැනීමට අමාරුය. සියල්ල මුදලට සීමාවී හමාරය. අම්මලා කැවුම් හදන්නට දන්නේ සුළු පිරිසකි. ඉන්නා අය ඉගෙන ගන්නටද උවමනාවක් නැත. සිංහල අවුරුදු මේසයෙන් කැවුම්, කොකිස්, ආස්මී ඉවත්වී කේක්, පීසා,,විවිධ ඉංග්‍රීසි කෑම එන දිනය වැඩි ඈතක නොවේ යන්න මගේ හැඟීමයි.
එමනිසා අප හෙළයන් වශයෙන් කලයුත්තේ කුමක් ද? මේ ඉපැරණි චාරිත්‍ර රැකගැනීමයි. සිංහල අවුරුද්දට හොඳින් වර්ෂාව ද සහිතව අකුණු සැර ලැබේ. මේ මඟින් අපේ කුඹුරු වලට යූරියා නොමිලයේ ම අකුණු සැර නිසා පොළවේ උත්පාදනය වේ. මෙය දැනගත් හෙළයන් නිසි කල කුඹුරු වපුරා අස්වනු ගත්හ. එය නෙදන්නා පිරිස් අද ලංකාවේ බොහෝ සිටීම හේතුකොටගෙන හෙළයන්ගේ ගොවිතැන් ක්‍රම වේදයද වෙනස්වෙමින් පවතී.
අද සිංහල අවුරුද්දට එකතුවන දුවා දරුවන් ඔවුන්ගේ අත්වල ඇති ලැප්ටොප් හෝ ජංගම දුරකතනයෙන් තනිව ම සෙල්ලම් කරති එසේ නැත්නම් පේස් බුක් එකේය නැත්නම්. ගේම් ගැසීමය,වැඩිහිටියන් හා කතාබහක් නැත.ජන ක්‍රීඩාවලට කැමති නැත. එනිසා ම ඔවුන් අත්දැකීම් වලින් තොර දරුවන් බවටත් ජවය හා ශක්තිය අඩු පුරවැසියන් බවත්ටත් පත්වෙමින් සිටින නිසා එය අනාගත හෙළයාට මහත් අභියෝගයක් වනු නොඅනුමානය.එසේ ම මෙම හෙළයන්ගේ අවුරුද්දේ ඇති අනෙක් වැදගත්කම කුමක් ද? වසරක් ඇතුලත වූ සියලු තරහ මරහ අමතක කර දැමීමට බුලත්කොළ 40 කින් යුත් බුලත් අතකින් කිරීමට හැකිවීමය. එමනිසා මෙය තේරුම්ගෙන දරුවන්ටත් මුළු සමාජයටත් මෙය කියාදී මාපිය සිත් රිදවූවන් ද, ගුරු සිත් රිදවූවන් ද අසල්වැසියන්ගේ සිත් රිදවූවන් ද මිතුරන්ගේ සිත් රිදවූවන් ද ආදී සියලු දෙනාට මේ සිංහල අවුරුද්දේ බුලත් අතක් දී අචාර කර වරදට සමාව ගෙන කටයුතු කිරීමට හැකිනම් ඒ හෙළයන්ට කරන ඉමහත් උපහාරයක් වනු නොඅනුමානය.එසේනම් ඔබත් මේ එළඹෙන සිංහල අවුරුද්දේ කලයුත්තේ කුමක් ද යන්න තේරුම් ගෙන කටයුතු කිරීම ඔබට ද, රටට ද, හෙළයන්ට ද සෙතක්වන හෙයින් එය නියමාකාරයෙන් තේරුම්ගෙන කටයුතු කිරීමට අවශ්‍ය මංපෙත් විවර කරගන්නේනම් මැනවි.