ලක්‍ෂමීය හෙවත් ශ්‍රියා කාන්තාව වඩින නිවසක් ඔබටත් හිමිද?
Posted on: April 21, 2017, by : sridias

යමෙකු විවාහ වෙන්නට පෙර පොරොන්දම් බලන්නේ විවාහය නොකැඩී සමුර්ධිමත් විවාහ ජීවිතයක් ගතකරන්නටයි. ඔබ ගෙයක් හදන්නේද ලක්ෂ්මිය හා ශ්‍රියාව වඩන නිවසක සියලු දෙන එක්වී සතුටින් සාමයෙන් වාසය කරන්නයි.එසේ නම් ඔබ නිවසක් සාදනවානම් ඔබේ උපන් නැකත් අනුව  එම නිවස වර්ග කිරීම වාස්තු රීතීන්ට අනුව නිවාස පොරොන්දම් බැලිය යුතු වන්නේය. ඒ අතර එකුන් දස වර්ග කිරීම ,ඒකා දස වර්ග කිරීම, ෂෝඩෂ වර්ග කිරීම වශයෙන් කොටස් 3 කට වර්ග කිරීම කරන්න පුළුවන්. යමෙකු නිවසක් තනන්නට පෙර තමන්ට සුදුසු බිමක් තෝරා ගැනීම ප්‍රථමයෙන්ම කල යුතු වන්නේය. දහසය ආකාර භූමි ලක්ෂණද දහනව ආකාර භුමි ලක්ෂණද ඇත්තේය. චතුරස්‍ර, ත්‍රිකෝණ, විෂම බාහු, ආයත, වෘත, වක්‍ර දණ්ඩ, සකට, ව්‍යජන, භාද්‍රසන,බෘහත්මුඛ ,ධනුරි, ,පණවස්ථාන, මුජරාකාර,  පොරෝ,කුළු,කුර්ම,කුඨ,ආදී වශයෙන් විවිධ ආකාර භුමි ලක්ෂණ ඇත්තේය. එම නිසා නිවසක් තැනීමට පෙර ඔබ මේ පිලිබඳ බුද්ධිමත් පරිනත ජෝතීශය හා වාස්තු විද්‍යාව පිළිඹඳ දැනුම ඇති අයෙකු මගින් උපදේශ ලබාගෙන ඉඩමක් තෝරා ගත්තානම් ඔබ නිවරදිතැනසිටි අයෙක්. ඉන්පසු දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා නිවාස සැලසුමක් තමන්ගේ අවශ්‍යතා සහ තමන්ට වියදම්කල හැකි මට්ටමේ නිවසක සැලසුමක් සකස්කර ගැනීම බුද්ධි ගෝචරය. ඉන්පසු දක්‍ෂ ජෝතීෂ්‍ය හා වාස්තු පිලිබඳ දැනුමක් ඇති අයකුගෙන් නිවසේ වෙසන සියලු දෙනාගේ ජන්ම නැකත් අනුව නිවස වර්ග කිරීම කර ගත යුතුය. එසේ කිරීමෙන් අය වැය ගෙයි ආයුෂ  ආදී පොරොන්දම් සියල්ල ගලපා නිවසේ වර්ග ප්‍රමාණයනිර්ණය කොට, දොරවල් දිසාගත කර ගැනීම, නියමිත ස්ථානයේ ප්‍රධාන දොර ස්ථාපිත කිරීම,නිදන කාමර,මුළුතැන්ගේ,නාන කාමර,ගරාජය, වහලය නිර්මාණය කිරීම ,වැඳුම් පිදුම් කරන ස්ථානය,ගේට්ටුව ස්ථාපිත කරන ස්ථානය, ළිඳ හා වැසිකිලිය තනන ස්ථානයද,සතුන් සිවුපාවුන් ඇතිකරන ස්ථාන ලකුණු කර ගැනීම කලයුතුවන්නේය.

එසේ නම් අප වාස්තු විද්‍යාවෙන් කරන්නේ කුමක්ද? විශ්වයේ ඇති ග්‍රහ වස්තුන්ගේ බලපෑම සැලකිල්ලට ගෙන පුරාණ ඍෂිවරු රාශි දොලොස, නැකත්  27 ,දින, දිශා, තිථි වල ඇති අන්තර් සම්බන්ධතාවය තුලින් ඇතිවන අසුභතාවයන් මගහරවා ගෙන යහපත් අයුරින් ධර්ම, අර්ථ ,කාම, මෝෂ, යන මේ සතර වැදෑරුම් කාර්යන්වල යහපත් ප්‍රතිපල අත්කර ගැනීම සඳහා යම් රීතියක් ගනිතයම නියමයන් ඔස්සේ නිවසක් ගොඩනැගිල්ලක් නිවැරදිව නිර්මාණය කර යහපත් ලෙස ජීවත් වීමට අවශ්‍ය නිවහනක් තනාගැනීමට මග සලස්වා ගැනීමයි. එසේ නම් භූමිය තෝරා ගැනීම පාද බෙදා වෙන් කිරීම ගෘහ දිශා චක්‍රය ,ආදිය නියමිත අන්දමින් සැලසුම් කර ගැනීම කල යුතු වන්නේය. අද පවතින ඉඩම් හිඟය හා කුඩා ඉඩම් කුට්ටියකට මේ සියලු වාස්තු විද්‍යා රීතින් අනුව කටයුතු කල හැකිද යන්න යමෙකුට ගැටළුවක් ඇතිවිය හැකිය. එය සැබෑ සිතුවිල්ලක් වුවද තිබෙන තිබෙන ඉඩ ප්‍රමාණයෙන් වාස්තු විද්‍යානුකූලව තමන්ට හොඳින් ජීවත්විය හැකි  නිවසක් තනාගත හැකිය. වාස්තු විද්‍යාව කොතරම් පැරණිද යත් “අග්නි පුරාණය”නමැති පුරාණ ග්‍රන්ථයේ මේ බව පැහැදිලිව දක්වා තිබේ. එනම් මහා බ්‍රහ්මයා විසින් විශ්ව කර්ම දෙවියන්ටත් මය නම් ඍශිවරයාටත් පසුව මනුෂ්‍ය වර්ගයාටත් උගන්වන ලද ශිල්පයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාව කොතෙක් දුරට භාවිතා කලද යන්න සීගිරිය ,වැව් පොකුණු ,ජල තටාක, වාර් මාර්ග පද්දතිය, බෞද්ධ සිද්ධස්ථාන වලින් දැක බලා ගත හැකිය. එසේම මහා වංශයේ සඳහන් වන පරිදි ශිල්ප ශ්‍රේණි 18 ක් ධර්මශෝක රජු ලංකාවට එවූ බවද සඳහන්ය. එම නිසා වාස්තු විද්‍යාව විස්වාසය මත පදනම් වූවක් නොව එය යම් රීති මාලාවක් මත පදනම්ව මනුෂ්‍යන්ට ආත්ම විස්වාසය සහජීවනය ඇති කරගෙන සැපතට පත් වීමට අවශ්‍ය මාර්ගෝපදේශය දෙන්නකි.

නිවසක් ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් දෝෂ ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය. බ්‍රහ්ම වේධ  දෝෂ,(නිවසේ හරි මැදට තවත් නිවසක ප්‍රදාන දොර වැටිතිබිම) ද්වාර වේධ දෝෂ, (තවත් නිවසක ප්‍රදාන දොර තම නිවසේ ප්‍රධානදොර කෙලින් තිබීම)වෘක්ෂ දෝෂ, කුප වේධ දෝෂ,(ලිඳ නිවැරදිව ස්ථානගත නොවීම) ස්ථම්භ වේධ දෝෂ,(ස්ථම්බයක් හෝ කුළුණක් ප්‍රධාන දොරට කෙලින් තිබීම) සුසාන වේධ දෝෂ, ප්‍රතිමා වේධ දෝෂ, කෝණ වේධ දෝෂ, මල මුත්‍ර ස්ථාන වේධ දෝෂ, රජක වේධ දෝෂ,කෝණ වේධ දෝෂ,විශේෂයෙන් හමුදා කඳවුරු ආසන්නයේ තිබේනම් ඒ පිළිබඳවත් ,ගුවන් තොටුපළවල් ආශ්‍රිත නම් ඒ  මේ ආදී දෝෂ පිළිඹඳව සැලකිලිමත් විය යුතුය.

එසේම  නිවසක අත්තිවාරම් දමන මොහොතේ මංගල කෘඤය ගැසීමට ප්‍රථම වාස්තු නාග චක්‍රය අනුව කටයුතු කල යුතුය. භූම නාගයා වම් ඇලයෙන් සැතපෙන බැවින් භුම නාගයාගේ හිසේ සිට වල්ගය දක්වා කොටස් 8 කට බෙදයි. එනම් හිස ,හෘදය, උදරය, නාභිය, ගුදය, දණද, කෙන්ඩ ,වල්ගය, වශයෙනි,  ඒ අනුව නාභියේ මංගල කෘග්‍රය ගැසීම ශුභ වේ.

විශේෂයෙන්ම දැනට ප්‍රාදේශීය සභාවල හා නගරසභා වල සිටින සේවක මහතුන්ද නිවාස සැලසුම් සකසන බැවින් ඒ අය තෝරා ගැනීමේදී සේවා දායකයා බුද්ධිමත්ව කටයුතු කල යුතුය.මොන ආයතනයක සේවය කලත් සැලසුමක් සාදාගත යුත්තේ ඒ පිලිබඳ මනා දැනුමක් පරිනත භාවයක් ඇති අයකුගෙන්මය.ඔබ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ රීතීන්ට අනුකුලව සැලසුම සකස්කරගතයුතු අතර එය අනුමත කිරීමට අවශ්‍ය ලියකියවිලි සැලසුම් ශිල්පියා හෝ ඉන්ජිනේරුවාලවා සම්පුර්ණකර ගතයුතු අතර එසේ කිරීමෙන් ඔබේ සැලසුම ප්‍රදේශීය සභාවට හෝ නගර සභාවට ප්‍රතික්ෂේප කල නොහැකිය.

එසේම චීන ෂෙන්ශුයි ක්‍රමද භාවිතයට  අද බොහෝ දෙනා පුරුදුවී ඇති අතර  ඒවා ලංකාව වැනි රටක උචිත නොවීමටබොහෝ දුරට  ඉඩ පවතී.ඉතාලි රටේ ඉන්න අය ඒ රටේ සැලසුම් ගෙනවිත් ලකාවේ සදයි නමුත් ඒ නිවසේ ජීවත්වීමට තරම් වාසනාවක් හිමි නොවීමට බොහෝවිට ඉඩ ඇති නිසා අපේ රටට ගැලපෙන පරිදි නිවසක් වාස්තු විද්‍යානු කුලව සකස්කර ගත හැකි නම් ඉන් යහපතක් සිදුවේ.  එම නිසා ඒ ගැන දන්නා අයකුගෙන් විමසාම කටයුතු කිරීම යහපත් වන අතර ඔබ දැනටමත් නිවස සදා නිමකර හෝ කොටසක් නිමවා ඇතිනම් නිවස පරික්ෂාකර අවම වියදමකින් දෝෂ මගහරවා ගැනීමත් ඔබව බියට පත් කරන්නවුන්ගෙන් ප්‍රවේසම්ව කටයුතු කරගැ නිමටත් බුද්ධිමත් වන්න.

විශේෂයෙන් නිවසක් තනන ඔබ සැලකියුතු විශේෂ දේනම් දිශාගත කිරීමයි.උතුර,ඊසාන ,නැගෙනහිර,ඉතා පිරිසිදුව තබා ගතයුතුය.සතුට සමගිය සවුභාග්‍ය උතුරු දිශාවෙනුත්,මානසික ප්‍රීතිය ධනය ලැබීම ජල පරිභෝජනය ඊසාන දිශාවෙනුත්,ආයු,ධන,ආර්ථික ලාබ නැගෙනහිර දිසාවලින් ලැබෙන බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.උතුරින් චන්ද්‍ර කාන්දුව වර්ධනය වන්නේය එනිසා හොඳින් ආලෝකය පවතින අතර ඊසාන දිශාවෙන් ශක්තිය බල රෝපණයත්, වර්ධන වේගයත් ඇති කරයි.නැගෙනහිර දිශාවේ සුර්යාගේ උදාවෙන් ජිව ශක්තියත් ප්‍රබෝදයත් ඇතිවේ.එමනිසා ශක්තිය ආරෝපණය වන්නේ උතුරු,ඊසාන,නැගෙනහිර දිසාවලින් නිසා නිවසක එම දිසාවල මඩ ගොහොරු,ගිණි තැබීම්,අපවිත්‍රදේ රැස් කිරීම,සත්වගාල් ඉදිකිරීමෙන් විශ්ව ශක්තිය ගලා ඒම වලක්වාලයි. එනිසා එය නිවසකට ඉතාම අශුබ කටයුත්තකි.විශේෂයෙන් උතුරු දසාවට හිස දමා නිදා නොගතයතුය එය පසුකාලීනව රෝගාතුරවීමට ඉඩපවතී.

ගෘහ දිශා චක්‍රය අනුවත් නිවසේ වෙසෙනන්ගේ උපන් නැකත් අනුවත් නිවසක් සැලසුම් කරගැනීමෙන් නිවසේ සිරි සැප ලඟාවි ශ්‍රී ලක්‍ෂමීය වඩවන නිවසක් තනා ගතහැකි අතර නිවසේ කාමර වෙන් කිරීමේදී නිදන කාමර හා  ධනය තැන්පත් කරන ස්ථාන උතුරටත්, ඊසාන දිසාවට ආගමික වතාවත් කරන ස්ථානද,නැගෙනහිරට නාන කාමරද,ගිනිකොණට මුළුතැන් ගෙයද,දකුණට නිදනගය නාන ගෙයද,බටහිරට කෑම කාමරද,වැසිකිලි දකුණ නිරිත අතරටද ,නිරිතට උපකරණ ගබඩා ද ශුබවන අතර ඔබේ ඉඩම පිහිටා ඇති අන්දමට මේ ආකාරයට සැලසුම්කර ගතනොහැකිවීමට ඉඩ ඇති බැවින් ඔබේ  ඉඩම ,නිවස නිවැරදි පරික්ෂාවක් කර අවශ්‍ය නිවැරදි කිරීම් අනවශ්‍ය වියදමක් නොකර ඉටුකරගතයුතුය.

ඔබේ නිවසේ වටා පිටාවේ ගස් වැල් රෝපණය පිලිබඳවද ඔබ  සැලකිලිමත් විය යුතු අතර කටු සහිත ගස් හා අරලිය/පතොක්  වැනි පිටතට කිරි ගලායන ගස්වර්ග  අශුබ වන්නේය.එමනිසා ඔබේ ඉඩමේ ප්‍රමානය අනුව ඒ ඒ දිසාවන්වලට සුදුසු ශාක වර්ග හෝ ඖෂධ වර්ග රෝපණකර ගැනීම උපදේශයන් මත ඉටුකර ගැනීම ශුබවන්නේය..

එසේම නිවෙසේ ගල්වන පාට පිළිබඳවද වැඩි සැලකිල්ලක් දක්වියයුතුය.රතු පාටින් උද්වේගකර අවස්ථාවන් පිළිබිඹු වන අතර කහ පාට වලින් සවුම්‍ය බව හා නම්‍ය ශිලී ගති පැවතුම් පෙන්නුම් කරයි.  සුදු පාට  නැවුම් බව පෙන්නුම් කලද  සුදු පාට නිවසකට නුසුදුසු බවත් සුදුසු වර්ණ රටාවකින් නිවසේ  චාම් බව පෙන්නුම් කරන අතර එම වරණ රටාව  තුලින් මානසික සහනය සුවය,නිරෝගිකමටත් අක්‍ෂි වල ඇතිවියහැකි අබාද නැතිකරගෙන අධ්‍යාත්මික ගුනධර්ම වර්ධන කරගෙන සමුර්ධිමත් ජිවිතයක් ගතකිරීමේ හැකියාව නිවැරදි වර්ණ ගල්විමකින් ඉටුකරගත හැකිය.

ලක්‍ෂමී  හෙවත් ශ්‍රියා කාන්තාව බෙලි වනයට, කෙසෙල් මලට, කන්‍යාව ලඟට, කුන්ජරයට ,වෘක්ෂයට ,තෝමරයට ,පටපිලියට, මෙන්ම අලංකාර නිවසටද වඩින්නේ යයි අග්නි පුරාණයේ සඳහන් වන බැවින් ඔබත් ඔබගේ නිවසේ ඇති අඩු පාඩු ,වාස්තු දෝෂ ඉවත් කරගෙන සතුටින්,සාමයෙන්,නිදුක් නිරෝගිව, ජීවත්වන්නට  අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශයක් ලබාගැනීම ඉතාම කාලෝචිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *