ඔබේ ඉරණම මල්වර නැකතින් කිව හැකිද?
Posted on: April 21, 2017, by : sridias

මල්වරය පිළිබඳව ලියැවුණු පොත පත බොහෝ අඩුය. ඉන්දියාව වැනි රටවල මේ සඳහා විශේෂ ස්ථානයක් නොදුන්නද ශ්‍රී ලංකාවේ ඉතා ඈත අතීතයේ සිට මල්වරය පිළිබඳ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි මල්වර සිරිත් විරිත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පලාතෙන් පලාතට යම් යම් වෙනස්කම් දක්නට ලැබුනත් ශ්‍රී ලාංකකියන් දෙනුයේ මුල් තැනකි. සමහර දෙනෙකු මෙහි විශේෂත්වයක් නොදුටුවද අපගේ අත්දැකීම් අනුව මල්වරයේ තත්කාල කේන්ද්‍රය අනුවත්, ජන්ම කේන්ද්‍රය පාදක කරගෙන මල්වර වූ තරුණියගේ ජීවිත කතාව මැනවින් එලිදැක්වීමේ හැකියාව ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙකු සතුවන්නේය.
මල්වර යන නාමය ස්ත්‍රීන්ගේ ප්‍රතමාර්තවයට කියනු ලබන අතර අපේ පැරණි හෙළබසේ මෙයට ඔසප්, උතුමල්, උතුනී, කිලි යන නාමද සකුවෙනි මලිනී, පුෂ්පවතී, සෘතුමතී, යන නම් වලින් හැඳින්වූද මෙහි නියම තේරුම වන්නේ මලක ප්‍රබෝධ වීම යන්නයි. ගසක මල් පිපීමෙන් සිදුවන්නේ ඒ ගස ඵල හට ගැනීමක්ය. එසේනම් ස්ත්‍රියකගේ ප්‍රථමාර්තවය තුළින් සිදු වන්නේද ඵල හට ගැනීමේ පෙර නිමිත්තක්ය. එම නිසා ශුබ දිනයක ශුබ නැකතක, ශුබ තිථියක මල්වරය සිදු වී නම් වාසනාවන්ත දූ දරුවන් ලැබ අනාගතය සර්වප්‍රකාර වන්නේය. එය ප්‍රකාශ කළ හැක්කේ තෙවන ඇසක් හිමි ජ්‍යොතිෂවේදියාට පමණි.
ශ්‍රී ලංකාවේ ගැහැණු දරුවෙකු සිටින ඕනෑම පවුලක වැඩිහිටියන් දෙමව්පියන් නිරතුරුව මල්වරය පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින්නීය. ජීවිතයේ ස්ත්‍රියකගේ මල්වරයට මෙතරම් ස්ථානයක් හිමි වන්නේ ඇයිද යන්න බැලුවොත් ඉන් ගම්‍ය වන්නේ ඇය මාතාවක් නැතිනම් මවක් වීමට ලබන පළමු සුදුසුකමත්, ඇයගේ ජිවතයේ දෙවන ඉපදීමත් ලෙසය. මල්වරය මව විසින් දැනගත් පසු මව විසින් ඇය කිලි නොවදින ලෙස තවත් දැරියක් හෝ කාන්තාවක් ඇයගේ තනියට තබා බුලත් අතක් හා පඬුරු රැගෙන ජ්‍යොතිෂවේදියෙකු වෙත හිමිදිරි උදයේම යනුයේ මල්වර පලාඵල දැනගෙන ඇයගෙන් පවුලේ අයට යහපතක් වේද අයහපතක් වේද යන්න දැනගැනීමටයි.
එසේම තවත් මා පියන් තම දියණිය කවදා මල්වරවේද යන්න දැනගැනීමට ජ්‍යොතිෂවේදීන් හමුවන අවස්ථා ඇති අතර එය අප අත්දැකීමෙන් දන්නා කරුණකි.
ඇත්ත වශයෙන්ම මල්වරයක් වන අවස්ථාව ඒ මොහොතේ කෙන්ද්‍රයක් තුළ ග්‍රහ විපර්යාසයන් තුළින් ඇති වන්නක් වශයෙන් ඔප්පු කිරීමට තරම් සාධක ජ්‍යොතිෂ තුළ පැවතිය හැකිද යන්න යමෙකුට ගැටළුවක් ඇති විය හැකිය. මල්වරයකට බලපාන්නේ කුමන ආකාරයේ ග්‍රහයින්ද? එසේනම් එම ග්‍රහයින් සිටිය යුත්තේ කෙසේද යන්න හඳුනාගැනීමෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු ලැබෙනු ඇත. මේ සඳහා ග්‍රහ බලපෑමක් අනිවාර්්‍යයෙන්ම සිදුවන බව කිවයුතු වේ. මේ සඳහා කුජ හා සඳුගේ බලපෑම කෙලින්ම හේතු සාධක බවට පත්වෙයි. එම නිසා මෙම ඍතු සෑදීමට සඳුගේ බලපෑම අනිවාර්්‍යයෙන්ම සිදු විය යුතුය. සඳුට රාශි වල්ලේ වටයක් යාමට දින විසි අටක් ගත වේ. නැවත රාශි චක්‍රයේ මුලට චන්ද්‍රයා පැමිණේ. මේ අනුව ස්ත්‍රියකගේ ඍතු චක්‍රය සෑම දින 28 කට වරක්ම සිදුවන අතර එය දින 28 කින්ම සිදුවන්නේ නීරෝගී ස්ත්‍රියකටයි. සති ගණන් ප්‍රමාද වන්නේ ශරීරයේ ඇති රෝගකාරක තත්ත්වයන් හෝ දුබලතාවයන් පදනම් කරගෙනය.
වැඩුණු කාන්තාවකගේ ඩිම්භ දෙකෙන් එකකින් දින 56 කට වරක් ඩිම්භයක් මුදාහරින අතර ඩිම්භ කෝෂ දෙක මාරුවෙන් මාරුවට දින 28 කට වරක් ඩිම්භයක් මුදාහැරීම තුළින් මෙම චක්‍රය ක්‍රියාත්මක වන අතර රාශි දොලස හරහා ගමන් කරන සඳු දින 28 කට වරක් කුජගේ දෘෂ්ටියට ලක්වන බැවින් ඒ අනුව ආර්තවය නොහොත් ඍතු වීම සිදුවන බව ජ්‍යොතිෂ මතයයි. මේ අනුව ඇත්ත වශයෙන්ම මල්වරය සිදුවන කාල වකවානු දැනගැනීමේ ක්‍රමවේද ජ්‍යොතිෂය තුළ පවතින අතර ඒවායේ යම් යම් වෙනස්කම් ඇතිවී යාමට ද හැකියාව ඇත. එම නිසා යම් දැරියකගේ මල්වරය නොපෙනීයාමට, ප්‍රමාද වීමට සිදුවිය හැකි අතර එයද කේන්ද්‍රයක් තුළින් කල් ඇතිව හඳුනාගැනීමට හැකි වන්නේය. මේ සඳහා විශේෂයෙන් රාහු සහ කේතුගේ පිහිටීම සැලකිල්ලට ගෙන පරීක්ෂා කළ යුතුය.
ප්‍රථම ඍතු වීම හටගන්නා කාලය මල්වර සිරිතේ ස්ලෝකයකින් මෙසේ සඳහන් වේ.
ප්‍රාපෙත ච දවාදශෙ වෂෙ_ – යාතා කන්‍යා රජසවලා
වෂෙ_දදවාදශකාදූර්‍ධවං – යදි පුෂපං බහිර්‍න හි
අතඃ පුෂපං භවත්‍යෙව පනසොදුමබරාදිවත්

ස්ත්‍රී දොලොස් හවුරුදු වියට පත් කල්හි රජස් බවට පැමිණෙන අතර දොලොස් අවුරුද්දකින් මත්තෙහි ඇගේ පුෂ්පය පිටතට නොආයේ නම් ඉක්බිත්තෙන් පනස උදුම්බරාදී වෘක්ෂයන්ගේ මෙන් ඒ පුෂ්පය ශරීරය ඇතුලෙහිම හට ගන්නේය.

විශේෂයෙන් මල්වර පලාඵල ප්‍රකාශනයක් කිරීමේදී දැරියගේ වාසනාව, අධ්‍යාපනය, විවාහය, දියුණුව මවට පියාට හා සහෝදරයින්ට ඇතිවන ශුභ අශුභතාවයන් ප්‍රකාශ කලයුතු වන්නේය. එසේම මල්වර මොහොතේ ඇඳ සිටි ඇඳුමේ පාට, මල්වර සිදුවූ ස්ථානය, කරමින් සිටි කාර්්‍යයන්, ගෙදර සිටි ගණන, ගෙදරින් පිටතට ගිය ගණන, විවාහ වන දිශාව, මව පියා සිටි ස්ථාන ආදිය පවා නිවැරදිව කීමේ හැකියාවන් ජ්‍යොතිෂය සතුව පවතී. එදා කාලය තරම් අද කාලය මල්වරය ගැන සැලකිල්ලක් නොදැක්වීම හේතුකොට ගෙන අද සමාජයේ විවධ සාපරාදී ක්‍රියා, නොමගයාම්, අඩු වයසින් විවිහයට පත් වී විවාහය බිඳ වැටීම්, විවාහ වූ පුරුෂයන් සමග සබඳතා ගොඩනගාගැනීම නිසා ජීවිතය අසාර්ථක කරගෙන අප වෙත මේ වන විටත් බොහෝ පිරිස් පැමිණ ඇති අතර ඉන් වැඩි දෙනෙකුට මෙම මල්වර නැකත් බලා නිසි උපදේශ දුන්නද ඒවා අසා නොඇසුනා සේ සිටීමේ පල විපාක ගෙවීමට දෙමව්පියන්ටද දරුවන්ටද සිදු වී ඇත්තේය. එමනිසා යම් තරුණියකගේ ජීවිතය අවාසනාවන්ත වීමට ප්‍රථම ඒ සඳහා අවශ්‍ය පිළියම් බුද්ධිමත් ජ්‍යොතිෂවේදියෙකුගෙන් දැනගත හැකි අතර වයස අවුරුදු 10 – 12 වනවිට කේන්ද්‍ර පරික්ෂාවකින් එම කරුණු වැඩිහිටියන් දැන සිටීම පවුලේ අනාගතයට යහපතක් වන්නේය. පුරාණයේ සිට පැවත එන මල්වරය හා සබැඳි ලිංගික රහස්, ග්‍රහයෝග, කාමිනියන් බිහිකරන යෝග පිළිබඳව පැරණි පොත පතේ සඳහන් වන අතර ඉන් එක් ස්ලෝකයක මෙසේ දැක්වේ.
එකා දස්සං මහාභාග
යද්නාරී රජස්වලා
කුල ඝාතිති ධ්‍රැවං සාගී
භරව දිතිමතං මම

“යම් ස්ත්‍රියක් එකොළොස්වන තිථියෙන් මල්වරය වීනම් ඇය තම කුලය නසන්නේය. රජ ගෙදරක සිටියත් දිළින්දෙකු සමඟ අනාචාරයේ හැසිරෙත් තමන්ගේ සිතැඟි ඉටු කර ගැනීම සඳහා ධනය, බලය හා ශක්තිය යොදන අතර කම් සැපත එකම සැපත ලෙසත් ලෝකෝත්තර සිතක් පහල නොවේ”
අද සමාජයේ දක්නට ලැබෙන බොහෝ කාම අපරාධ, කුඩා දැරියන් දූෂණය කර මරාදැමීම ආදිය වලක්වාලීම සඳහා මල්වර අවස්ථාවේ සෑදූ තත්කාල කේන්ද්‍රය හා ජන්ම කේනද්‍රය පදනම් කරගෙන දරුවා අනාගතයේ ප්‍රවේසම් කළ යුතු ආකාරය පිළිබඳව දක්ෂ ජ්‍යොතිෂයවේදිය වැඩිහිටියන්ට නිසි උපදේශ දෙනු ඇත.
විශේෂයෙන් විෂ කන්‍ය දෝෂයෙන් උපත් කාන්තාවක්නම් ඇයගේ මල්වරය එවන් යෝගයක් පවතින මෙහොතක සිදුවීද යන්න පරීක්ෂා කර බැලිය යුතු අතර එය එසේ සිදුවීනම් එම ස්ත්‍රීන් අනාචාරයේ යාම වැලැක්වීම ඉතා අපහසු කාර්්‍යයකි. එවැනි කාන්තාවන් විවාහ කරගන්නා සැමියන් දිනෙන් දින පුරුෂ ශක්තිය පවා හීන වී විනාශ වී යන අතර පුරුෂයාද ජීවිතයද විනාශ වන්නේය.
එම නිසා යහපත් ග්‍රහයෝගයෙන් උපත් කාන්තාවක් විවාහ කරගත් පුද්ගලයා විවාහයේ සැපත ලබා සතුටින් වැඩි ආයුෂයක් ගත කරයි. විෂ කන්‍ය වැනි දෝෂ සහිත කාන්තාවන් විවාහ කරගැනීමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදේ. සමහර කාන්තාවන් බෙහෝවිට ප්‍රසිද්ධියේ කියනුයේ අපේ මිනිහගෙන් වැඩක් නැහැ කියන එකයි. ඒ මෙමැනි යෝග සහිත කාන්තාවන් අසතුටෙන් ජීවත්වන අතර ඉන් ඔබ්බට කළ හැකි දෙයක් නොමැති නිසාත්ය.
එම නිසා මල්වරයක්වූ සැනින් ඒ පිළිබඳ නිසි උපදේශ දක්ෂ ජ්‍යොතිර්වේදියෙකුගෙන් ලබාගෙන දරුවාගේ අනාගතය යහපත් කරදියයුතු අතර ඉහත සඳහන් කරනලද පීඩනයකට යම් කාන්තාවක් පත්ව ඇත්නම් හැඟීම් පාලනය කරගෙන, ජීවිතයේ යතාර්තය අවබෝධ කරදී වැරැද්ද නිවැරදි කරගන්නා ක්‍රමවේද පහදා දී සමාජයෙන් වන ගැරහුම් වලින් වලකා ආගමානුකූල ජීවිතයකට හැඩගස්වා බුද්ධිය අවදි කර ප්‍රඥාව දියුණු කර තැනට සුදුසු නුවණ ඇතිව කටයුතු කරන්නට අවශ්‍ය උපදේශ දක්ෂ සදාචාරසම්පන්න හොඳ පවුල් පරිශ්‍රයක් ඇති උගත්, සමාජය පිළිගත් ජ්‍යොතිෂවේදියෙකුගේ උපදේශ ලබාගැනීම තුලින් මේ විනාශයෙන් කාන්තාවන් මුදවා ගතහැකි බව මගේ පරම විශ්වාසයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *