ශ්‍රී ලක්‍ෂමී දේවිය හා බැඳුනු පුරාවෘත්ත
Posted on: April 21, 2017, by : sridias

“ශ්‍රියා කාන්තාව” “ශ්‍රී දේවිය” “සිරිකත” “ධන ලක්‍ෂමී” යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලක්‍ෂමී දේවිය විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාවයි . සුර අසුර යුද්‍ධයේදී කිරි මුහුද කලබා විෂ්ණු දෙවිදුන් විසින් සොයාගත් මෙම ෙස්‍යභාග්‍යයේ සුරුපිය සිතූ පැතූ සම්පත් ලබා දෙන බව කාගේත් විශ්වාසයි එනිසාම සශ්‍රීකත්වය; ෙස්‍යභාග්‍ය ධනය ලැබීම් වස් ශ්‍රියා කාන්තාව අනාදිමත් කාලයක සිට අදහමින් පුද පූජා පවත්වන්නේය. ජීව අජීව සියල්ලම දරා සිටිනේනේ මේ මහා පොළොවෙහිය එනිසා ඇයට “මහී” කාන්තාව යන නාමයද භාවිතා කරයි ශ්‍රීවත්ස (ශ්‍රී ලක්‍ෂමිය)ගේ ලකුණ අෂ්ට මංගල (අට මගුල්) ලකුණු අතරට එක්ව තිබුව මහා වංශයේ සඳහන්වන අතර ලෝවා මහා පායේ ප්‍රතිමා ගෘහයේද ,රුවන්වැලි සෑයේ ධාතු  ගර්භයේ ජය ශ්‍රී මහා බෝධියේ  ප්‍රතිරූපයක් නිදන්කර ඇති  බවත් එම බෝධියේ අෂ්ට මංගල ලකුණු තිබු බවත් සඳහන්ය. එම ශ්‍රී ලකශ්මියගේ රුව කෙටූ කාසි ඉන්දියාවේ සහ ලංකාවේද වුණි ඉන්දීය කාසිවල “අභිශේක ලක්‍ෂමී” නමින් ප්‍රසිද්ධ විය. එසේම සමහර කාසිවල “ගජ ලක්‍ෂ්මි” රූපයද විය. ශ්‍රී ලකශ්මියන්ට හිමිවන අධිගෘහිත වෘක්ෂය බෙලි වෘක්ෂයයි. බෙලි පිලිකයක් ලක්‍ෂමී යෝගය පවතින මොහොතක ගලවාගෙන නිවැරදිව ජීවම් කර පුජා කිරීමෙන් බොහෝ දේවල්  ඉටුවන බවද පැවසේ. බෙලි ගස් නිවස් ඉදිරියේ සිටුවීම ශුභවත්වන්නේ මේ නිසාය. ශ්‍රී විෂ්ණු කොතැනද ශ්‍රී ලක්‍ෂමීය එතැන සිටී ශ්‍රී විෂ්ණු මනුෂ්‍ය සංහතියේ යහපත උදෙසා නොයෙක් අවතාරයන්ගෙන් වරින්වර  ලොව පහළ වන බවත් එ්සෑම විටකදීම ලක්‍ෂමීයද ඔහුගේ බිරිඳ වශයෙන් පහළවී ඔහු පසුපස පැමිණ මිනිසාට සෙත සලසන බව හින්දු පුරාණයේ සදහන් වේ. නමුත් ශ්‍රී ලක්‍ෂ්මිගේ උපත කෙසේ කවදා සිදුවීද යන්න නිශ්චිත නොවේ සුරයන්ට අමරණීයත්වය ලබා දීම සඳහා අමුර්තය සොයාගැනීමට  ශ්‍රී විෂ්ණු ඉදිබු වෙසින් කිරි මුහුද කැලැඹු අවස්ථාවේදී ලක්ශ්මිය මතු වූ බව එක් මතයක්වන අතර ඍදි බලයෙන් අහසින් ගමන්ගත් බල සම්පන්න ඍශිවරවෙකුගේ ජීව ධාතුවක් නෙලුම් මලක් මත පතිත වීමෙන් ලක්‍ෂ්මි දේවිය උපන්නාය යන්න තවත් මතයකි. පියුමකින් උපන් බැවින් “පියුම්බා” නමද කියයි විෂ්ණුවරෙක රාමාවතාරයෙන් ලොව පහල වූ විට ඔහුගේ බිරිඳ “සීතා” වප්මගුල් උළෙලකදී හීවිටකින් පහලවූ බව පැවසේ.  එසේම විෂ්ණු ක්‍රිෂ්ණාවතාරයෙන් ලොව පහළ වන විට ඔහුගේ බිරින්දෑවරු “රාධා” හා “රුක්මානි”මව් කුසින් උපන් බවකට ශාක්ෂි නොමැති අතර ශ්‍රී ලක්‍ෂමී දේවිය ස්වභාව ධර්මයේ දායාදයක් වශයෙන් සැළකීම උචිතයයි මගේ හැඟීමයි.විෂ්ණුට මෙන්ම ලක්‍ෂමීටද අවතාර දහයක් ඇතැයි සඳහන්වේ අවතාර යනු ස්වරූප නොහොත් ගුනාංග වශයෙන් සැලකේ එම දස අවතාර මහා ලක්‍ෂමී; ශ්‍රී ලක්‍ෂමී; ධන ලක්‍ෂමී ;වීර්ය ලක්‍ෂමී ;රූප ලක්‍ෂමී;ප්‍රඥා  ලක්‍ෂමී;ඥාන ලක්‍ෂමී;  සුන්දර ලක්‍ෂමී; ප්‍රතාප ලක්‍ෂමී, සර්ව රෝග නිවාරණ ලක්‍ෂමී වශයෙන් දක්වා ඇත. මේවායින් අර්ථවත් වන්නේ ශශ්‍රීක බව දනය  අලංකාරය රූපය ලෙඩදුකට පිහිට වීම සමුර්දියයි. ශ්‍රී ලක්‍ෂමීගේ උතාරීතර භාවය පිළිඹිබු කරන තවත් අවස්ථාවක් වනුයේ මහා භාරතයේ “රාධා” “ක්‍රිෂ්ණා” ප්‍රේම වෘතන්තයි එය සනිටුහන් කිරීම් වස් පතිභක්තියේ අගය ලොවට කියා දීම වස් ලක්‍ෂමීය පහළවුබව සඳහන්වේ. මේ අනුව විෂ්ණු මගින් බලයද ලක්‍ෂමීය මගින් ධනයද සංකේතවත් කරයි මේ නිසාම ලක්‍ෂමී යෝගයෙන් උපන් අයවලුන් ධන ධාන්‍ය ලබා සැප සම්පත් ලබා උසස් තත්වයන්ට පත්වන බව අපගේ ජෝතිෂ අත් දැකීම් අනුව  පෙනීයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *